මේ අලුත් බදු ප්‍රතිපත්තිය මරණ වරෙන්තුවක්. IMF කියන හැමදේම කළයුතු නෑ – කබීර් (VIDEO)

Date:

රජය අලුතින් ඉදිරිපත් කර ඇති ආදායම් බදු ප්‍රතිපත්තිය හරහා මෙරට දේශීය නිෂ්පාදන අංශයට බරපතළ පහරක් එල්ල වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

“මේ ඉදිරිපත් කරන අලුත් බදු ප්‍රතිපත්තිය හරහා අපේ දේශීය නිෂ්පාදන අංශයට බරපතළ පහරක් ඇතිවෙනවා. මේ අත්සන් කරන මරණ වරෙන්තුව ආණ්ඩුවෙත් මරණ වරෙන්තුව වෙන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස. ඉහළම උපයන අයට 36%ක බදු අයකරන එක නිකුත් කරලා තියෙනවා, හැබැයි ඒක අස්සෙ තියෙනවා කුඩා සහ මධ්‍යම පරිමාණයේ ආයතනවලට තමන්ගේ බදු 14% සිට 30% දක්වා වැඩිකරලා තියෙනවා. අපනයන ක්ෂේත්‍රයේ 14% ට තිබුණු බදු 30% දක්වා ගෙවන්න සිද්ධ වෙනවා. දැන් මේක සිදුවෙන්නේ ගිය සතියේ ඉන්දියන් සමාගමකට බදුවලින් නිදහස් කරනවා, අනිත් පැත්තෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ යෙදිලා ඉන්න අපේ අයට, ඩොලර්වලින් උපයන අයට තමන් ගෙවන බද්ද 14% සිට 30% දක්වා වැඩිකරනවා. තව පැත්තකින් පුද්ගලික ආයතනවල සේවය කරන විධායක නිලධාරීන්, ඒ අයගේ ලැබෙන වැටුපෙන් ත්‍රෙශ්හෝල්ඩ් එක ලක්ෂ 30 සිට ලක්ෂ 15 දක්වා අඩුකරලා තියෙනවා. ඉස්සර අවුරුද්දකට ලක්ෂ 30 ක ආදායම් උපයනවා නම් ඒ අයට තමයි බද්ද පැනවෙන්නෙ, දැන් ඒක ලක්ෂ 15 දක්වා අඩුකරලා තියෙනවා. ඒ ලක්ෂ 15 ට අඩුකරලා දැන් කියනවා අතීතයට බලපාන පරිදි, ඒ කියන්නෙ මේ වසරේ අප්‍රේල් මාසයේ සිට මාස 6කට මේ බද්ද ගෙවිය යුතුයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ තමන්ට පහසුකම් සලස්වන්නා පමණයි. ඔවුන් කියන හැමදෙයක්ම රජයක් කරන්න අවශ්‍ය නෑ. මේ වෙලාවේදී මේ රාජ්‍ය නිලධාරීන් කියන හැම න්‍යායක්ම IMF එක කියන හැම වැඩක්ම ආණ්ඩුව ඇස් වහගෙන ඒ විදියටම ඒක අකුරටම ක්‍රියාත්මක කරන්න යනවා නම් මේ රට විනාශයකට පත්වෙනවා”

කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (12) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...