*
Thursday, September 26, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව නූලෙන් බේරී අවසාන තරගයට

පකිස්තානයට එරෙහිව ලකුණු එකක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 වසරේ 20/20 ආසියානු කුසලානය දිනා ගැනීම සඳහා ඉන්දියාවට එරෙහිව සටන් වැදීමට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.අප නිරන්තරයෙන් පෙන්වා දුන් පරිදි චමරි අතපත්තුගේ ඉක්මන් ඉවත්වීම වසා ගැනීමට අද චමරි වෙනුවට ආරම්භක පිතිකාරිණියගේ වගකීමෙන් මුදවා ගැනීමට අංක තුන පිතිකාරිණිය ලෙස පිවිසි හර්ෂිතා සමරවික්‍රම සමත් වූවාය.

ඉණිම ආරම්භයට චමරිට සහය වූ අනුෂ්කා සංජීවනී වේගවත් ලකුණු වේගවත් ලකුණු
26 ක් ලැබුව ද,කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස අනුෂ්කා දැවී යනවිට ලකුණු පූවරුව 39 ක් විය.අනතුරුව ශ්‍රී ලංකා ඉණිමේ හොඳම සබඳතාවය ගොඩ නඟමින් හර්ෂිතා සමරවික්‍රම (35) සහ නිලක්ෂි ද සිල්වා (14) තෙවන කඩුල්ලට ලකුණු 50 ක සබඳතාවයක් ගොඬ නැගුවේය.

පසුව පැමිණි හසිනි පෙරේරා (13),ඕෂධී රණසිංහ(8) සහ කවීශා දිල්හාරි ද (නොදැවී 7) මොහොතට ගැලපෙන අයුරෙන් ලකුණු වේගය රැක ගනිමින් පන්දු ඕවර් 20 නිමාවේ දී කඩුලු 6 ට ලකුණු පූවරුව 122 දක්වා ඔසවා තැබුවේය.

පිළිතුරු ඉණිම සඳහා පැමිණි පකිස්තාන පිතිකාරිණියන් මුග සිටම උත්සාහ කළේ පීඩනයට එරෙහි ප්‍රති පීඩනයක් ගොඩ නැගීමටය.නායිකා බිෂ්මා මරූෆ් පන්දු 41 දී,ලකුණු 42 ක් ද,ආරම්භක පිතිකාරිණිය
පන්දු 10 ක් තුළ ලකුණු 18 ක් ද ගෙන ඒ පීඩනය විශාල කිරීමට පියවර ගත් අතර එම උත්සාහයේ අවසාන පුරුක ලෙස නිඩා දාර් පන්දු 26 න් ලකුණු 26 ක් ලබා ගනිමින් ජයග්‍රහණය පිණිස ගත් උත්සාහය ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙනම පන්දු රකින්නිය වී සිටින කවීශා දිල්හාරි අතින් වැළකිණි.ඇය කඩුලු රකින අනුෂ්කා වෙත භාර දුර පන්දුවෙන් කඩුල්ලේ බේල්ස් ඉවත්වන විට නිඩා දාර් සිටියේ සීමාවට දුරින්ය.

පකිස්තාන පිතිකාරිණියන්ට රිසි සේ හැසිරෙන්න ඉඩ නොතැබූ ශ්‍රී ලංකා දගපන්දු බල ඇණිය

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan