මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරූෂී කරුණාරත්න ක්‍රීඩිකාව පිළිගැනීම

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ඉදිරි මස සිට නව වැඩපිළිවෙලක් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

ඒ අනුව මධ්‍යම පළාතේ සෑම ක්‍රීඩා ශිෂ්‍යයන් සඳහා රුපියල් 10 500ක මූල්‍යමය ආධාරයක් මධ්‍යම පළාත් සභාව මගින් ලබා දෙන බව ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරූෂී කරුණාරත්න ක්‍රිඩිකාව පිළිගැනීම නිමිත්තෙන් අද (12) පස්වරුවේ මහනුවර දී පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

මහනුවරට පැමිණි ක්‍රීඩිකාව ඔරලෝසු කණුව අසලදී සිය විද්‍යාලය වන වළල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දියණියන් විසින් උණුසුම් අයුරින් පිළිගන්න ලදි. එම විද්‍යාලයේ තූර්යය වාදක කණ්ඩායම පෙරටු කර ගත් ආචාර පෙළපාලියකින් උත්සවය පැවැති කැන්ඩි සිටි සෙන්ටර් දක්වා ක්‍රීඩිකාව කැදවා ගැනීම අනතුරුව සිදුවිය.

ක්‍රීඩිකාව පිළිගැනීම නිමිත්තෙන් පැවැති උත්සව සභාවේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, මධ්‍යම පළාතේ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය උදෙසා මධ්‍යම පළාත් සභාව විශාල මෙහෙවරක් සිදුකරන බව කීවේය.


තරූෂි ක්‍රීඩිකාවට විදෙස් ගත වීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල දායක වූ බව කී ඒ මහතා ඉකුත් සංචාරයේදී ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ප්‍රමාදයක් හේතුවෙන් මෙම ක්‍රීඩිකාවන් අසරණ වූ විට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ තමන් සෘජුව මැදිහත් වූ බව ද එහිදී කීවේය. එම මැදිහත්වීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවහිරතාවයකින් තොරව විදෙස් ගතවීමට අවස්ථාව ලැබුණු බවත් ඒ මහතා කීහ.

තරූෂී කරුණාරත්න ක්‍රීඩිකාව අධ්‍යාපනය ලබන වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ මේ වන විට ඉදිකිරීම් ඇණ හිට ඇති ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන වර්ෂයේ ජනවාරි මසදී ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය. තරූෂි ක්‍රීඩිකාවට උපහාරයක් වශයෙන් මෙම ක්‍රීඩාංගණයේ සියලු ඉදි කිරීම් අවසන් කරන බව ආණ්ඩුකාරවරයා පැවසීය.

රන් පදක්කම් ලැබූ මෙරට ක්‍රීඩිකාවන් මැද පෙරදිග ගෘහ රැකියා කරන පුවත් මාධ්‍ය තුළින් තමන්ට දක්නට ලැබුණු බව කී ආණ්ඩුකාරවරයා, ක්‍රීඩාවට අධ්‍යාපනය මුසු කර ගැනිම අත්‍යවශ්‍ය බව එහිදි පෙන්වා දුන්නේය. ක්‍රීඩාව සමඟ අධ්‍යාපන කුසලතා මුසුවූ විට එම ක්‍රීඩක ක්‍රීඩිකායන් සෑම විටම ජයග්‍රහණයක් ලබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, තරූෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ ක්‍රීඩා පුහුණු ආචාර්ය සුසන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහ ක්‍රීඩිකාවගේ දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...