විධායකය අහෝසි කිරීමට සූදානමක්.ජනමත විචාරණයකුත් කැඳවයි?

Date:

කොළඹ LNW:ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වන පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

කිසිදු අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට මැතිවරණයෙන් 50%කට වැඩි ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් රට තුළ ගොඩනැගී තිබීම ඊට හේතුව බවයි දැක්වෙන්නේ.

ඒ අනුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් කෙටුම්පත් කර තිබෙන බවයි අනාවරණය වන්නේ.

මෙම කැබිනට් පත්‍රිකාව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද යන්න පිළිබඳව ජනමත විචාරණයක් කැඳවා ඒ හරහා විධායක අගමැතිවරයකු සමඟ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමේ යෝජනාවක් බව සඳහන්.

කෙසේවෙතත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් එය කළ යුතු වන්නේ 2025 මහ මැතිවරණයෙන් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බවද වර්ථාඅ වෙයි.

විධායක ජනාධිපති ධුරයාහොසි කිරීම සඳහා අවස්ථා කිහිපයකදී ම උත්සාහයන් පවතුනදේව සාර්ථක නොවුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...