*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

හිටපු ජනපති මහින්ද සහ GMOA අතර සාකච්ජාවක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද (13) සාකච්ජාවක් කොළඹදී පැවැත්වුණි.

ඒ,සෞඛ්‍ය සේවයේ මතුවී ඇති ගැටලු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් කල ඉල්ලීමකට අනුවයි.

එම සකාච්ජාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

”රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැහුණා. එතුමා මේ කතාව හොඳටම දන්නවා. අපි එතුමාට සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නා. එතුමා වෛද්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් සිදුකළා. රජයේ පැත්තෙන් එතුමා සිදු කළ සේවාව අපි එතුමාට පෙන්වා දුන්නා ඒ සේවාව අපි අගය කලා. වෛද්‍යවරු රට හැරදා යනවා. ඒක වළක්වගන්න මොනවද කරන්න ඕනි කියල කතා කළා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා ඉටු කරන්නේ කොහොමද කියලා කතා කලා. එතුමාගේ පාර්ලිමේන්තු කණ්ඩායමක් සමග සාකච්ඡාවක් ලබා දෙන්න එතුමා එකඟ වුණා. සෞඛ්‍ය ප්‍රශ්න සහ අපි ඉදිරිපත් කර තියෙන යෝජනා පිළිබඳව සාකච්ඡා කළා. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න වලට අදාළ සියලුම දේවල් සිදු කරන්න එතුමා පූර්ණ එකඟතාවය පළ කළා.” යනුවෙන් අලුත්ගේ මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan