*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ජනතාවට තවත් බදු බර දෙන්න බෑ – සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද (13) දින මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී, රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර ඇත්තේ, තවදුරටත් ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා පැවසූ බවයි.

ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරාගැනීම කඩිනම් කිරීම සඳහා එම සාකච්ඡාව පැවති බවයි වාර්තා වන්නේ. එහිදී ආයතන අදහස් සහ යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවත්, පැහැදිළි ලෙස රාජ්‍ය අදායම ඉහළ නංවා ගතයුතු අතර අදායම් ඉලක්ක වෙත කඩිනමින් යා යුතු බවද සියඹලාපිටිය මහතා පවසා ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි අතර, මෙම පවතින ක්‍රමවේදය තුළ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අයකර ගත යුතුව පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan