අද දවස අප රටේ ව්‍යවසායකත්වයට, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට අනගිභවනීය අවස්ථාවක් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ අප රටේ ප්‍රධානියා සහ සියලු නිලධාරීන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා විශාල ශක්තියක් ලබා දෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ගේ ගැටලු විසදීම සදහා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා කියා සිටී.
තවද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ, මෙම මුදල National Credit Guarantee Institution හරහා සහ අපේ රටේ බැංකු පද්ධතියේ ඇති බැංකු 13ක් හරහා ප්රාග්ධනය ලෙස මෙය ලබා දෙන අතර එය තුළින් මෙරට කුඩා ක්ෂුද්‍ර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය ගැරන්ටි කිරීමේ වැඩපිළිවෙළක් සහ සහන පොලියකට ණය ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි. .
රටකට අඩු රාජ්‍ය ආදායමක් හා නිසි මූල්‍ය කලමනාකරණයක් නොමැති වීම තුළ ඉදිරියට යාමට නොහැකි බවත්, රටක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉහළ ආදායමක් ලැබිය යුතු වුවත් වත්මන් රජය බදු වර්ධනය හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීමට උත්සාහ කළත් ආර්ථිකය සංකෝචනය කිරීම හරහා එය සිදු කළ නොහැකි බවත්, රාජ්‍ය ආදායම වැඩි කිරීමට ආර්ථිකය පුළුල් විය යුතු බවත් ඒ සදහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය හා පරිමාණ කර්මාන්තකරුවන් සියයට 50කට ආසන්න දායකත්වයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කරුණු පැහැදිළි කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසූවේ, මේ රටේ කඩා වැටුණු ගරා වැටුනු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් ගොඩ ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් මේ සහයෝගය සම්බන්ධයෙන් ස්තූති වන්ත වන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (13) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමඟ පැවැති හමුවක දීය.ඒ අනුව මේ හමුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් විසින් මෙම මුදල ලබා දෙන බව පවසන ලදී.
මෙහි දී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් කියා සිටියේ, මින් පෙර නුවූ විරූ පියවරක් ගනිමින්, මේවන විට බොහෝ සෙයින් බැටකමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය මුහුණ පා ඇති දිගුකාලීන අභියෝග සඳහා විසඳුම් සෙවීම පිණිස වූ ප්‍රායෝගික ස්ථාවරයක් විපක්ෂ නායකවරයා විසින් ගනු ලැබ ඇති බව යි.
එසේම ආසියානු සංවර්ධන බැංකුව සමඟින් පෙරළිකාර සංවාදයකට අවශ්‍ය පහසුකම් සලසමින්, විපක්ෂ නායක කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ පවත්නා දුක්ගැනවිලි සාකච්ඡා කරලියට රැගෙනවිත් ඇති බවත්, මෙම ක්‍රමෝපායික මූලාරම්භය තුළ ආර්ථික ගැටලු විසඳීම සඳහා නායකවරයා තුළ පවත්නා කැපවීම ඉස්මතු කරනු පමණක් නොව, එමඟින් ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතනයන් වෙතින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් හා සහාය ද ලබාගැනීමේ එකාබද්ධ ප්රයත්නයක් ද පෙන්නුම් කරනු ලබන බවත් පෙන්වා දෙනු ලැබීය.
තවද මෙම ක්‍රියාවලිය තුළ, ආර්ථික ස්ථාවරත්වය හා අභිවෘධිය උදෙසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය විසින් ඉටුකරනු ලබන අත්‍යවශ්‍ය කාර්යභාරය හඳුනා ගනිමින්, එම අංශයන් සඳහා පුනර්ජීවනය සඳහා අවශ්‍ය නියෝජනය ලබාදීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරනු ලබන බවත් ඔවුන් ප්රශංසාත්මකව පැවසීය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් එකිනෙකා මුණ ගැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර, එහි දී ඔවුන්ට ඇති ගැටලු අඩුපාඩු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.
මීට පෙර රජයන් සමයේ රජයේ මැතිඇමතිවරු හා විදේශීය දූත පිරිස් අතර සාකච්ඡා සිදු වුවත් , පළමු වරට සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට තම ගැටලු සෘජුවම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විදේශීය ආයතන වෙත යොමු කිරීමට අවස්ථාව ලැබීම සුවිශේෂී වේ.
මෙසේ වට කිහිපයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් විපක්ෂ නායකවරයාගේ සම්බන්ධීකරණයෙන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයනුත් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් සමඟ එකිනෙකා මුණ ගැසී සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ලැබිණි. එම මුදල් දෙසැම්බර් මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය.
මේ අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ Takafumi Kadono මහතාත්, Santosh Pokharel (Unit head, Private Sector Development) මහතාත්, මූල්‍ය විශ්ලේෂක Uresha T. Walpitagama මහත්මිය ඇතුළු පිරිස එක්වූහ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??