*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවේ මහ මොල කරුවන්ට රටින් පනින්න ඉඩ දෙන්න එපා – රවී කුමුදේශ්

ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවට අදාල වග කිවයුතු අය රටින් පිටවීම වැලක්වීම අත්‍යවශ්‍ය බවත්, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් හොර ඖෂධය පිළිබද අපරාධ පරීක්ෂණයක් කළයුතු යැයි පැමිණිලි කර දවස් 10ක් ගත වී ඇති නමුත් තවමත් අදාල සමාගම කැඳවා නොමැති බවත් ළඟදීම ඔහු රටින් පිටවී ගොස් ඇති බව පවසාවි යැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවට අදාල වග කිවයුතු අය රටින් පිටවීම වැලක්වීම අත්‍යවශ්‍යයි. හියුමන් ඉමියුනෝග්ලොබියුලින් හොර ඖෂධය පිළිබද අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා පැමිණිලි කරලා දවස් 10ක් වෙනවා. තවම අදාල සමාගම කැඳවලා නෑ. හෙට අනිද්දාට කියාවි ඔහු රටින් පිට වෙලා කියලා.

අපි දන්නේ නෑ මේ හොරකම සමාගම තනියෙන්ම කල එකක්ද කියලා. ඒ නිසා ඔහු හොරෙකුටත් වඩා අපිට සම්පතක්. ඔහු දන්න තොරතුරු නිවැරදිව හෙලිදරව් කර ගතහොත්, ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදුවෙන දුෂිත තත්වයන් ගණනාවක් හෙලිදරව් කර ගැනීමට හැකි වෙනවා. ඒ නිසා අදාල සමාගමේ හිමිකරුවන්ට රටින් පිටවීමට ඉඩ ලබා නොදීම රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක්.

මේ සමාගම 2021 සිට ඖෂධ සැපයීම් කරලා තියනවා. ඉතා ප්‍රසිද්ධියේ ඖෂධ හදලා තියනවා. දැන් අධිකාරිය කියනවා ඖෂධ හදන්න අවසරත් ලබා දීලා නැති බව. ඒ විදිහට අවසර නැති සමාගමකට ප්‍රසිද්ධියේ වසර ගණනාවක් ඖෂධ හදලා රජයටම දෙන්න පුළුවන් නම්, නියාමන අධිකාරියක ඇති වැඩේ මොකක්ද?

තනතුරු නමට උඩින්, නමක් නැතුව සුදුසුකම් තියන රබර් මූද්‍රාවක් සැක සහිත බව, ඖෂධ සංස්ථාවේ හෝ වෛද්‍ය සැපයීම් අංශයේ කාටවත්ම තේරුණේ නැද්ද?

සාමාන්‍යයෙන් අපේ රටේ රේගුව මාර්ගගතව තහවුරු කර ගන්නේ නැතුව ඖෂධ තොගයක් මුදා හරින්නේ නෑ. ලිපියක් ගැන විතරක්ම කියන අය මාර්ගගතව දෙන ඒ අවසරය ගැන කථා නොකරන්නේ ඇයි?

සජිත ඇන්තනී මහතා කථා කලයුතු මාතෘකාව යට ගහලා, වෙන්ටිලේටරයක් ගැන කථා කරනවා

ජැක්සන් ඇන්තනී මහතාගේ මරණය පිළිබඳව, සෝමරත්න දිසානායක මහතා පැහැදිළි චෝදනාවක් කරලා තියනවා. ඒ ගැන සජිත ඇන්තනී මහතා වචනයක්වත් කථා කරනවා අපි දැක්කේ නෑ. ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් රෝගීන්ගේ අයිතිය පිළිබඳ හොඳ සමාජ සංවාදයක් හදන්න ඒ ගැන විමර්ෂණයක් ඉල්ලන්න කියලා, අපි සජිත ඇන්තනී මහතාගෙන් ඉල්ලනවා. එහෙම නැත්තං දිසානායක මහතාගේ චෝදනාව බොරු කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න කියලා”

රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan