විශ්‍රාමිකයින් සහ හරිනි අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය හා ගුරු විදුහල්පති විශ්‍රාමික එකමුතුව සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (13) දින ජාතික ජන බලවේග කාර්‍යාලයේදී පවත්වා ඇත.

එහිදී, 1997 සිට 2021 දක්වා විශ්‍රාම ලැබූ ගුරු විදුහල්පති සේවයේ නියිතුවූවන්ට නියමිත වැටුප් තලයන්ට අදාලව හිමි විය යුතු විශ්‍රාම වැටුප නොලැබීම, 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවයේ සියලුම සේවකයින්ට 2016 වැටුප් වැඩිවීමට අදාල විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට , විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය හා ගුරු විදුහල්පති විශ්‍රාමික එකමුතුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙහිදී එම සංවිධාන පෙන්වා දුන්නේ අදාල ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විෂය භාර ඇමතිවරයාගේ අවධානය යොමු කරවන ලෙසත් ඔවුන්ගේ හිමිකම් ලබාගැනීම සඳහා ජාතික ජන බලවේගයේ සහාය ලබාදෙන ලෙසත්ය.

එම අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක චන්දන සූරියආරච්චි, එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සරත්ලාල් පෙරේරා ඇතුළු පිරිසක් සහභිගි විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...