*
Monday, October 14, 2024
spot_img

Latest Posts

පවර් ප්ලේ පවර් එකෙන් කොදෙව්වන් ශ්‍රී ලංකාව පරාජය කරයි.

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 14, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.එම ජයග්‍රහණය සපුරා රැදී තිබුණේ කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ ආරම්භය මතය.පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු ඕවර් 20 නිමා කළේ කඩුලු 7 ට ලකුණු 179 ක් ලබමින්ය.ඊට පිළිතුරු දෙන්නට පැමිණි කොදෙව් කණ්ඩායම සිය පවර් ප්ලේ කාලයට අදාළ මුල් පන්දු ඕවර් 6 නිමා වන විට ලකුණු 74 ක් ලබා ගන්නට සමත් විය.චමිඳු වික්‍රමසිංහට එරෙහිව පන්දු ඕවර් 2 ක් තුළ ලකුණු 27 ක් ලබා ගැනීමට බ්‍රෙන්ඩන් කින්ග් සහ එවින් ලෙවිස් යන කොදෙව් ආරම්භක පිතිකරුවෝ සමත් වූහ.පළමු කඩුල්ලේ සබඳතාවය පන්දු ඕවර් 9 දී නිමා වෙන විට කොදෙව් ලකුණු පූවරුව දැක් වුණේ 107 ක් ලෙස ය.එවිට කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණයට යාම සඳහා පන්දු 65 දී ලකුණු 73 ක් පමණක් අවශ්‍යය වි තිබිණ.

කාසියේ වාසිය ද ශ්‍රී ලංකාවට නොලැබීම පාඩුවක් විය.රට පුරාම පවතින වැසි සිහිත කාලගුණය නිසා දඹුල්ල තරගයද වැස්සෙන් සේදීමේ අවදානම සළකා තණතීරුව වසා තිබිණ.ඒ නිසා චරිත් අසලංක පැවසූ ආකාරයට තණිතිල්ල දඟ පන්දු යවන්නන්ට අවශ්‍යය දඟ කැවීමට සුදුසු මට්ටමට සියයට සියයක් හැඩ ගැසී නොතිබිණි.ඒ තත්ත්වය නිසාම කාසියේ වාසිය ලැබ මුලින් පන්දු යැවූ කොදෙව් ක්‍රීඩකයන්ට වසා තිබුණු තණතිල්ලෙන් වේග පන්දුවට යම් දෝලනයක්ද එකතු කර ගැනීමේ අතිරේක වාසියක් ද උපයා ගන්නට හැකි විය.

ශ්‍රී ලංකා ඉණිමේ හොඳම කඩුලු සබඳතාවය ගලා ගෙන ආවේ කමිඳු මෙණ්ඩිස් (51) සහ චරිත් අසලංක (59) දෙදෙනා විසින් එකතු කරන ලද ලකුණු 82 ක සබඳතාවයෙන්ය.රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2 ක් දවා ගත්ත ද කොදෙව් පන්දු යවන්නන් අතරින් ලකුණුවලට වැඩි හරස්වීමක් සිදු කළේ රොස්ටන් චේස් ය.ඔහු පන්දු ඕවර් 4 ලකුණු 29 ට සීමා කර ගනිමින් කළ බලපෑම නොවන්නට චරිත් සහ කමිඳු පන්දුවට පහර දුන් ආකාරයට ශ්‍රී ලංකාව ලකුණු 200 සීමාවට ද ළඟා කරවිය හැකි තැනක තිබිණ. එසේම කොදෙව් පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටම තිබුණු අතර ඔවුන් ශ්‍රී ලංකාවේ වටිනා කඩුලු කිහිපයක්ම ලබා ගත්තේ පන්දු රැකිමේ විශිෂ්ඨත්වයේ ද උපරිම දායකත්වය සහිතවය.

එසේම කොදෙව් පිතිකරුවන්ගේ කඩුලු අතර දිවීම ද ශ්‍රී ලංකාවට වඩා වේගවත් මට්ටමක පැවතිණ.මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට තරගයක ලකුණු ලණනාවක් අහිිමි කරන දුර්වලකමක් ලෙස කාලයක සිට පවතින්නකි.ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු (2) ලබා ගත් මතීශ පතිරණ නිල පන්දු 19 ක් යවමින් ඉන් පන්දු 9 ක් ම ලකුණු නැති පන්දු බවට පත් කළත්,ලකුණු ගලා ආ පන්දුවලින් කොදෙව්වන්ට ලකුණු 27 ක් එකතු වී තිබිණ.එයින් ද හයේ පහරක් සහ හතරේ පහර තුනක් වූ පන්දු ප්‍රමාණයට එතරම් ලකුණු ලබා ගන්නට ඉඩ නොඳුන්නානම් තත්ත්වය වෙනස් වන්නට තිබිණ.හොඳින් පන්දු යැවූ මතීශ මත මේ අදහස උදාහරණයක් ලෙස පටවා තැබුවත්,ලකුණු නො‘එන පන්දු යැවීම ගැන වැඩි අවධානයක් යොමු විය යුතුව තිබුණේ සෙසු පන්දු යවන්නන්ටය.

මෙහිදී ශ්‍රී ලංකාව ලැබූ විශාලම ජයක් ද තිබිණ.ඒ රටම වැසි කාල ගුණයෙන් වෙලාගෙන තිබියදී ශ්‍රී ලංකාව ගැන දෙස් විදෙස් හී ඟංවතුර තර්ජන නිසා පිඩාවට පත් මිනිසුන් ගැන මැවෙන ප්‍රවෘත්ති අතරේම කාලගුණ බාධාවකින් තොරව තරගයක් පැවත්විය හැකි ක්‍රීඩා පිටියක් දඹුල්ලේ තිබීම එම ජයය.ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ආකාරයේම ක්‍රීඩා පිටියක් නුවරඑළිය පැත්තට වන්නටත් නිර්මාණය කරන්නේනම් (එහි ඇති ලිඳුල ක්‍රීඩා පිටිය හොඳන් නඩත්තු කර හෝ) එය ද තවත් වැදගත් දේශගුණික කළාපයක් ක්‍රිකට් වෙනුවෙන් ආවරණය කිරිමක් සහ රටේ ආර්ථිකයට රුකුලක් වන ලෙස ක්‍රිකට්වලින් ලොකු තල්ලුවක් ලබා දීමක් ද විය හැකිය.

පහත දැක්වෙන්නේ කොදෙව් – ශ්‍රී ලංකා පළමු තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන සබඳතාවය ය.
https://es.pn/4h6IFBa

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan