සහන ඉහළ නංවන්න IMF එකඟ වෙලා!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවට ලබා දෙන සහන ඉහළ නැංවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වී ඇති බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

මෙම සහන වැඩි කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරි කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අනිල් ජයන්ත මහතා අවධාරණය කරන්නේ.

වත්මන් රජයේ මූලික අවධානය යොමු වී ඇත්තේ විශේෂයෙන්ම ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස මහජනතාව වෙත ලබා දෙන සහන ඉහළ නැංවීමට බව හෙතෙම කියාසිටියි.

අර්ථික ප්‍රකෘතිමත් වීම, උත්තේජනය කිරීම සඳහා ජනතාවගේ මූලික අවශ්‍යතා වන ආහාර, පාන සහ ගොවීන් සඳහා පොහොර සපුරාලිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවලදී පැහැදිලි කළ බව අනිල් ජයන්ත මහතා පවසයි.

සහන වැඩි කිරීමේ අදහසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ නොවූ අතර නව රජයේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට දිරිමත් කළ බවද ඔහු පවසයි.

මේ අතර ආධාර ලබාදීම කඩිනම් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ අනෙකුත් ආයතන සමඟ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...