රනිත්මා පරාජය කළ XU Wen Jing ලෝක සූරිය වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 14, (LNW) කොළඹ :

චීනයේ පැවති ලෝක කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ රනිත්මා ලියනගේ අවසාන 16 දෙනා අතරට පිවිසෙන්නට සමත් වුණා. බැඩ්මින්ටන් ලෝකයේ ඉහළම දක්ෂයන් නිර්මාණය කරන රටවල ක්‍රීඩිකාවන් සහභාගි වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට වඩා බැඩිමින්ටන් ක්‍රීඩාවේ ගව් ගණනක් ඉදිරියෙන් සිටින ඉන්දියාව,වියට්නාමය වැනි රටවල ක්‍රීඩිකාවන් පරාජය කරමින් රනිත්ම අවසාන 16 දෙනා අතරට පැමිණීම ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාව ලැබූ සුවිශාල ජයක් හැටියට හඳුන්වන්නට පුළුවන්.

තවමත් 17 හැවිරිදි රනිත්මා මේ වන විටත් ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරිය වන අතර ඇය මේ දක්වා ශ්‍රී ලංකාව නිර්මාණය කළ විශිෂ්ඨ ක්‍රීඩිකාවන්ට වඩා ඉදරිගාමී ගමණක් යාමේ හැකියාව ඇති ක්‍රීඩිකාවක් ලෙස හැඳින්විය හැකියි.වර්ථමාන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා විසින් ඔහුගේ පෞද්ගලික සබඳතා භාවිතයට ගනිමින් රනිත්මාට,ලෝකයේ ඉහළම බැඩිමින්ටන් සංස්කෘතියක් සහිත රටක් වන ඉන්දුනීසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග පුහුණුවීමට අවස්ථාව සළසා තිබීමේ වැදගත්කම ඇය වියට්නාම ක්‍රීඩිකාව පරාජය කළ තරගයේ දී ඉතා හොඳින් දැක ගන්නට ලැබුණා.දැඩි දරා ගැනීමකින් සහ වෙහෙසකින් තොරව අඛණ්ඩව සිය දක්ෂතා තුළ රැද සිටීමට රනිත්මාට තිබෙන ජවය සහ ශක්තිය මේ තරගාවලිය පුරාම දකින්නට ලැබුණු අතර XU Wen Jing සමඟ පැවති තරගයේදී ද පළමු වටයේ දී රනිත්මා ඇයට පරාජය වූයේ ලකුණු 20 – 22 ක් ලෙස අවසාන මොහොත තෙක් සටන් කිරීමෙන් පසුවයි.


වත්මන් සභාපති රොහාන් ද සිල්වාගේ අත දීම පාදක කරගෙන විරේන් නෙත්තසිංහට 2024 වසරේ ඔලිම්පික් නියෝජනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යය තරග පහසුකම් විශාල වශයෙන් ලබා දුන් ආකාරයටම 2028 ඔලිම්පික් උළෙලට විරේන්ට අමතරව,රනිත්මා ද එක් කිරීමේ හැකියාවක් දකින්නට තිබෙනවා.පවතින ක්‍රීඩා නීතියට අනුව රොහාන් එම ධූරයෙන් ඉවත්ව වෙන අයෙකු පත් වුව ද,එවැනි මූල්‍යමය සහයක් දීමට රොහාන් ගේ ආදරය බැඩිමින්ටන් සමග නොතිබුණොත් විරේන්ලා ගේ මෙන්ම රනිත්මලාගේ ද සිහින බොඳ විය හැකියි.රනිත්මා දැනට 120 ලෙස ශ්‍රේණිගතව සිටිනවා.එසේම ලොව කණිෂ්ඨ සූරියන් අතර ඇය සිටින්නේ 45 වන තැනයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...