ශානිගේ පත් කිරීම බෝපගේට ප්‍රශ්නයක් වෙලා!

Date:

කොළඹ LNW: විශ්‍රමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නව ආණ්ඩුව විසින් යළි පොලිස් සේවයට කැඳවීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතිඥ නුවන් බෝපගේ මහතා ප්‍රශ්න කරසිටියි.

ජාතික ජන බලවේගය විසින් වෙනස්කරනවා යැයි කියූ දේශපාලන සංස්කෘතිය මෙයද යන්න ඔහු විමසුමට ලක්කරයි.

”සමාජ ප්‍රත්පත්ති, IMF මැදිහත් වීම්,ඉන්දියානු මැදිහත්වීම්, ආර්ථිකය වෙනස් කිරීම වගේ ප්‍රතිපත්තිමය කාරණා වෙනුවට බොහෝ වෙලාවට මතුකරපු කාරණා තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියන එක. එතැනදී ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් බහුතරයක් ජනතාව ජන්දය ලබලා දුන්නා. නමුත් මේ කෙටි කාලය තුළ ඒ දේශපාලන සංස්කෘතිය හෝ වෙනස වෙනවද කියන දේ සම්බන්ධයෙන් බරපතල ගැටළු නිර්මාණය වෙලා තියෙනවා. අපි දන්නවා බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර මහත්මයාව , විශ්‍රාම ගිය පොලීසියේ මහත්මයෙක් දැන් පත්කරලා තියෙනවා. ඔහු සම්බන්ධයෙන් කාරණය වෙනස් දෙයක්. නමුත් දේශපාලන සංස්කෘතිය කියන කාරණයේදී නැවත බරපතල ප්‍රශ්නයක් මතුකරමින් තියෙනවා එකක් තමයි පසුගිය කාලෙය් ජනාධිපතිවරණයේදී ඒ මහත්මයා ජාතික ජන බලවේගයේ වේදිකාවල හිටපු ඒ වෙනුවෙන් තමුන්ගේ විශේෂයෙන් පොලිස් හා හමුදා සාමූහිකය ඉදිරියේ ප්‍රචාරණ කටයුතු කරපු කෙනෙක්. ඒ කෙනා විශ්‍රාම ගිය නිලධාරියෙක්. ඒ නිලධාරියාව පත්කරනු ලබනවා නව ආණ්ඩුව විසින් නැවත අධ්‍යක්ෂවරයෙක් විදිහට. මේ දේශපාලන සංස්කෘතිය නෙවෙයිද පිටුදකින්න ඕනේ කියල පහුගිය මැතිවරණයේදී ඔවුන්ම ප්‍රකාශයට පත්කළේ. අපි හිතුවොත් යම් කිසි විදිහකින් මේ ආණ්ඩුව වෙනස් වෙලා වෙනත් ආණ්ඩුවක් ආවොතින් දේශබන්දු තෙන්නකොන්ව නැවත රාජකාරිවල පිහිටුවල ඔහුට අධ්‍යක්ෂ ධුරයක් දුන්නොත් ඒක නිවැරදිද?” යනුවෙන් බෝපගේ මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...

” කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ඡායාරූප බිඳක්” දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වනදා..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW : පොතක වරුණ... කෘතිම බුද්ධිය...

ලාන්සාට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාරගත කර සිටි...