දයාසිරිගේ බලාපොරොත්තුව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

මේ වන තෙක් ජනාධිපතිවරයාට යටත්වු පාර්ලිමේන්තුවක් පැවති බව සමගි ජන සන්ධාන දේශපාලන පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ, මෙම මහා මැතිවරණයෙන් ජනාධිපතිවරයාට යටත් නොවන ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය වීම කාලීන අවශ්‍යතාවක් බවයි .

සමගි ජන සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය අ⁣ශෝක් අබේසිංහ සහ ජේ.සී අලවතුවල දයාසිරි ජයසේකර ඇතුළු අපේක්ෂකයින් 18කගේ නාමලේඛනය කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාරභාර නිළධාරි වෙත භාරදීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙතෙක් කල් ජනාධිපතිවරු බලයට පත්වුණාම, පාර්ලිමේන්තුවේ අනෙක් දේශපාලන පක්ෂවල සාමාජිකයන් අරගෙන තුනෙන් දෙකේ බලය හදාගෙන පාර්ලිමේන්තුව යටකරන සමිප්‍රදායක් පවත්වාගෙන ගියේ.. මේ මැතිවරණයෙත් අපි ඉල්ලනවා ජනාධිපතිවරයාට යටනොවන පාර්ලිමේන්තුවක් හදන්න නම් සමගි ජන සන්ධානයට රටේ බහුතර බලය ලබාදෙන්න.. ඔක්තෝබර් 14න් පසුව පිහිටුවන පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් වියයුතුයි.. ඒ වගේම ආණ්ඩු බලය ලබාගැනීම සඳහා අපේ ශක්තිය යොදවන්නේ.. ජනාධිපතිවරයා සමඟ වැඩකරන්න පුළුවන් ආණ්ඩුවක් අපට අවශ්‍යයයි.. මෙය වැදගත්වෙන්නේ රටේ පාලනය සහ ස්ථාවරභාවය වෙනුවෙන්.. ඒ වගේම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරිපත් කළයුතුයි.. එයින් අදහස්කරන්නේ ඔබ ඡන්දය දෙන්නේ ඔබට පාර්ලිමේන්තුවට යන්න බැරි නිසා යම් පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යවනවා.. මේ යවන පුද්ගලයා කවුද? ඔහු ඔබ අඳුනනවාද ? ඔබත් එක්ක වැඩකරන්න පුළුවන් කෙනෙක්ද ? ඔබට ඕන වෙලාවක කතාකරන්න පුළුවන් අයෙක්ද ? මේ කාරණා ඉතාම වැදගත්.. මහජනතාවගේ නියෝජිතයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට යනවනම් ඔහු ජනතාවට වගකිවයුතු පුද්ගලයෙකු වියයුතුයි..” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට...

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...