ඇන්ඩි ප්‍රයිකොප්ට් ට බවුන්සර් පන්දු එයිද?

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 14, කොළඹ LNW:

තරග තීරක ඇන්ඩි ප්‍රයිකොප්ට් ඉන්දියානු හිතවාදියෙකු බව පකිස්තානය චෝදනා කළේ ආසියානු කුසලානයේදී ය.දැන් තවත් ප්‍රශ්නයක් මතුව තිබේ.තවම ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකය තුළ විශාල කතා බහක් ඇති වී නැත.එහෙත් ප්‍රයිකොප්ට් ගනු ලබන ඉන්දියානු හිතවාදී තීරණවලට මේවා එකතු වෙනවා සැක නැත.

අලුත්ම දේ ඇති වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේඩන් සීල්ස් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් පදනම් කර ගෙනය.ඔහු පන්දු රකිමින් සිටියදී එල්ල කළ පන්දුවක් පන්දුවට පහර දෙමින් සිටි යසස්වි ජයිස්වාල්ගේ සිරුරේ වැදීමෙන් එම ගැටළුව පැණ නැඟිණ.ඒ සම්බන්ධයෙන් සීල්ස් ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කර ඇත. චෝදනාවට වරදකරු වූ පසු ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 25 ක් අඩු කර ඇත.එසේම ඔහුගේ විනය විරෝදි ලකුණු සටහන ද 02 දක්වා ඉහළ ගොස් ඇත.

සීල්ස් මේ වරද පිළිගෙන නැත.ඔහු පවසා ඇත්තේ ජයිස්වාල් දිවීමට උත්සාහ කළ නිසා වීසිකරන ලද පන්දුව ජයිස්වාල්ගේ සිරුරේ වැදුණ බවය.එහෙත් වීඩියෝ දර්ශන ඇසුරෙන් එය එසේ නොවන බව තීරණය කර සීල්ස් ට මේ දඬුවම පනවා ඇත.අයිදීදී ය මෙහිදී අවධානයට ගත යුුතු වැදගත්ම කාරණය ඉන්දියාවය සම්බන්ධයෙන් පක්ෂපාතීත්වයක් තිබෙන බව කියා යම් ගැටළුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක මද කාලයක් හෝ ප්‍රයිකොප්ට් ඉන්දියාව සහභාගිවන තරගවල තරග තීරක ලෙස නොයොදවා සිටීමට කටයුතු නොකිරීමය.එය මහත්මා තත්ත්වයක් නොවේය.

ඉන්දියාව අයිසීසිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට ඇති කතාවල ගිණි දැල්වලට දිය ඉසිනවා වෙනුවට පිඳුරු දැමීම නුසුදුසුය.එය ක්‍රිකට්වලට සහ එහි ගුණාංගවලට හොඳ එකක් නොවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...