ඉහළ අධිකරණවල විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීමට යෝජනාවක් !

මහාධිකරණය අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සේවය කරන විනිසුරුවරුන් විශ්‍රාම ගැන්විිමේ වයස වැඩි කිරීම සඳහා වන යෝජනාවක් මැති සභා න්‍යාය පුස්තක පරිපූරකයට ඇතුලත් කර තිබේ.

ඔක්තෝබර් මස 10 දින නිකුත් වූ පාර්ලිමේන්තුවේ අංක 2 දරණ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ මෙම යෝජනාව ඇතුළත් කර ඇති අතර අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය.

මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ විදේශ රටවල් රැසක ඉහළ අධිකරණවල විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස මීට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් ශ්‍රී ලංකාවේ ද ඉහල උසාවි වල විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස් ප්‍රමාණය ඉහළ දැමියයුතු බවයි.

ඒ අනුව මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ දැනට ක්‍රියාත්මක වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 සිට අවුරුදු 67 දක්වා ද අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාද මහාධිකරණ විනිසුරුවරයෙකු ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 61 සිට 63 දක්වා ද ඉහල දැමිය යුතු බවට ය.

මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අයවැය විවාදයෙන් පසුව ලබන වසරේ විවාදයට ගැනෙනු ඇතැයි දැනගන්නට තිබෙි.

විපක්ෂ මන්ත්‍රීවරයකු වන ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනලද නමුත් පසුගිය කාලයේ දේශපාලන අංශවල පැතිර තිබූ ආරංචිය වූයේ ආණ්ඩුව විසින් ඉහළ අධිකරණ වල විනිසුරුවරුන්ගේ සහ නීතිපතිවරයාගේ විශ්‍රාම ගැනිමෙි වයස ඉහළ දැමීමට යෝජනාවක් ගෙන එනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...