14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14:
ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේ (Pope Leo XIV) පෙනහළු පිළිකාවකින් පෙළෙන බව තහවුරු වී ඇති අතර, ඒ සඳහා සිදුකළ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කර ඇති බව වතිකානුව නිවේදනය කර තිබේ.

2026 ඔක්තෝබර් 13 වැනිදා රෝමයේ ජෙමෙලි රෝහලේදී (Gemelli Hospital) සිදුකළ සැත්කමේදී පාප් වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස පැය එකහමාරකට ආසන්න ශල්‍යක්‍රමයකින් ඉවත්කර ඇත.

වතිකානුව ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තාවලට අනුව, ඉවත් කළ පෙනහළු පටක පරීක්ෂා කිරීමෙන් පසු පෙනහළු ඇඩිනොකාර්සිනෝමා (Lung Adenocarcinoma) නමැති පිළිකා වර්ගය තහවුරු වී තිබේ.

සැත්කමෙන් පසු පාප් වහන්සේ සාමාන්‍ය පරිදි සිහිය ලබාගෙන ඇති අතර, මේ වන විට රෝහලේ සිය කාමරයේ විවේක ගනිමින් සිටින බව සඳහන් වේ.

71 හැවිරිදි පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර, පිළිකාව පැතිරී ඇති ආකාරය පිළිබඳ අවසන් තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.

සැත්කමෙන් පසු සුවය ලැබීම සඳහා පාප් වහන්සේ සතියක පමණ කාලයක් රෝහලේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරන අතර ඔක්තෝබර් 20 වැනිදා දක්වා ඔහුගේ මහජන හමුවීම් සහ නිල කටයුතු අවලංගු කර ඇති බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් ග්‍රීක තානාපති කිම්බර්ලි ගිල්ෆොයිල් ධුරයෙන් ඉවත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ඇමෙරිකානු ජනාධිපති...

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...