විපක්ෂය ජන්ද ඉල්ලුවට ඉදිරි මාස කිහිපය තුළ ජන්ද නැහැ – වජිර

Date:

ඉදිරි මාස කිහිපය තුළ මැතිවරණ කිසිවක් නොපැවැත්වෙන අතර ජාතිය ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව මැතිවරණ මාලාවක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

පවතින තත්ත්වය අනුව මැතිවරණ පැවැත්විය නොහැකි බවත් මැතිවරණ ඉල්ලා සිටින්නේ රට අස්ථාවර කිරීමට බලාපොරොත්තු වන අය බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ අතර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියි.

මනාප ජන්ද ක්‍රමයද අහෝසි කළ යුතුව ඇති අතර සංවේදී පුද්ගලයන් එයට විරුද්ධ නොවනු ඇතැයිද හෙතෙම පවසයි.

කෙසේවෙතත් විපක්ෂය දිගින් දිගටම අවධාරණය කරමින් සිටින්නේ වත්මන් ජනාධිපතිවරයාට ජන මතයක් නොමැති හෙයින් පවතින්නේ විකෘති තත්ත්වයක් වන නිසා එය නිවැරදි මාවතට ගැනීම සඳහා මැතිවරණ පැවැත්විය යුතු වන බවයි.

එහෙයින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හෝ පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුව ඇති බවත් ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමට එරෙහිව විපක්ෂය එක්ව කටයුතු කිරීමටත් තීරණය කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...