ජන්දවලට රනිල් එදත් බයයි අදත් බයයි (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ මහතා එදත් අදත් මැතිවරණ වලට බිය කෙනෙක් වන අතර මැතිවරණ නොපැවැත්වීම මඟින් ඔහුගේ සහ පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු කරගත හැකි බවට හීන දකිමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙලෙස මැතිවරණ කල්දැමීම හරහා ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැකි අතර එය ඔවුන්ගේ අන්ත පරාජයක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොට්ඨාස ක්‍රමයට මැතිවරණ ක්‍රමය සකස් කළේ බැසිල් රාජපක්ෂ වන අතර එමඟින් මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩිවන බව දැන දැනත් පසුගිය පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන කාලයේ බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

රනිල් වික්‍රමසිංහලා මේ වන විට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් හෙයින් ජනතාවට අවශ්‍ය පරිදි ප්‍රජාතන්ත්‍රවාදීව තමන් කැමති පාලනයක් සාදා ගැනීමට ජන්දය පැවැත්විය යුතු වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

එමෙන්ම පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන්නේ නම් මන්ත්‍රී සංඛ්‍යාවද අඩු වන බවත් එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එම මඟින් පැරණි ක්‍රමයට ජන්දය පැවැත්විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...