*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඩයනාගේ ඊළඟ පිම්ම!

කොළඹ LNW:රාත්‍රී ආර්ථිකයක් ගොඩනගන්නේ නැතුව රටක් දියුණු කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අවධාරණය කරයි.

රාත්‍රී කාලයේදී සංචාරකයන්ට විනෝද වීම සඳහා විවිධ අවස්ථාවන් උදාකර දිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ.

ඒ අනුව ලබන 21 වනදා සිට නොවැම්බර් 19 වනදා දක්වා රාත්‍රී ක්‍රිකට් සැණකෙලියක් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රිකට් පාලක මණ්ඩලය හා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය කේන්ද්‍රකර ගිනිමින් මෙම ක්‍රිකට් සැණකෙළිය සංවිධාන කරන බවයි ඇය පවසන්නේ.

”ලංකාවේ නයිට් ලයිෆ් එක ගැන කතා කරන්න ගිහින් මම සෑහෙන්න බැනුම් අහපු කෙනෙක්. මොකද මේ නයිට් ලයිෆ් එක කවුරුවත් තේරුම් අරගෙන නැහැ. මම හිතන්නේ ලෝකයේ එකම රට කොමෂල් සිටි එක රෑ දහයෙන් පස්සේ සොහොනක් වගේ. ඒක වෙනස් කරන්න ඕන කියන තැන තමයි මම හැමදාම ඉන්නේ. කොළඹ මේ නගරය පැය 24ම නොනිදන නගරයක් විය යුතුයි. මොකද මේකට සංචාරකයෝ එන්නේ රෑ දහයෙන් පස්සේ හෝටලයට ගිහිල්ලා නිදාගන්න නෙවෙයි. රෑ දහයෙන් පස්සේ එලිළියට බැස්සහම හරියට කන්න බොන්න තැනක් ඒගොල්ලන්ට නැත්නම් එන්ජෝයි කරන්න තැනක් නැත්නම් වියදම් කරන්න තැනක් නැත්නම මේ රටේ ආර්ථිකය අපි ගොඩනගන්නේ කොහොමද? මේ රටේ ආර්ථිකය ගොඩ නගන්න පුළුවන් එකම ක්‍රමය තමයි නයිට් ලයිෆ් එක. නයිට් ලයිෆ් කියන්නේ රාත්‍රී ආර්ථිකයට. මේක ලෝකයේ හැම රටක්ම් දියණු වෙලා තියෙන්නේ නයිට් එකොනොමි එකක් එක්ක. 70%ක රජයට අදායමක් එන්නේ රාත්‍රී ආර්ථිකයෙන්.” යනුවෙන් ඇය තවදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan