කොවිඩ් හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටුණා – නිර්මලා සීතාරාමන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව ලබාගන්න විසඳුම් ඉතා යහපත් මට්ටමක පවතින බවත් එයා ඉතා වේගවත් බවත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසා ඇත.

එසේම රටේ ආර්ථික අවපාතයට ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතයට මුහුණ දීම බවද ඇය පවසයි.

ඒ පිළිබද අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය,

“ශ්‍රී ලංකාව දුෂ්කරතාවයට මුහුණ දෙද්දි එය මැදි ආදායම් ලබන රටක්. නමුත් කොවිඩ් බලපෑම් සහ ඇතිවූ අස්ථාවරයන් හමුවේ එම තත්ත්වය පහතට වැටුණා. ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට පත්වුණා. මැදි ආදායම් රටක් වූ ශ්‍රී ලංකාව මුහුණ පෑ අර්බුදය නිසා එය පොදු රාමුවක් තුළ විසඳාගත නොහැකි තත්ත්වයක් බවට පත්වුණා. ඒ නිසයි පොදු රාමුවක් තුළ මෙම අර්බුදය ආමන්ත්‍රණය කිරීමට සුදුසුකම් ලැබිය නොහැකි තත්ත්වයකට පත්වුණේ.

මම සිතන්නේ අනෙක් බොහෝ ඒවාට සාපේක්ෂව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව ලබාගන්න විසඳුම් ඉතා යහපත් මට්ටමක පවතිනවා වගේම ඉතා වේගවත්. මම අන් අයට එරෙහිව පොදු රාමුව ගැන තීන්දුවක් ලබාදෙන්නේ නැත. නමුත් පොදුවේ අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ තවත් බොහෝ ආයතනවල එම ක්‍රම්වේදය වේගවත් විය යුතු බවට පැවැසෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ යෝජනා වඩා වේගයෙන් සිදුවෙමින් පවතිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හා ඉන්දීය සභාපතිත්වය හිමි ලෝක බැංකුව සමග ස්වෛරීත්ව ණය සම්බන්ධයෙන් ණයහිමි කමිටු පිහිටුවීමේදී, ශ්‍රී ලංකාවේ ණය අර්බුද ගැටලුව පිළිබඳව අප සාකච්ඡා කළා. ඒ වගේම එම තත්ත්වය ඉදිරි අනාගතයේ ඕනෑම රටක් සඳහා යොදාගත හැකි ආකාරයෙන් සැලකිල්ලට ගත යුතුයි. එම ක්‍රමවේදය මගින් ඉතා වේගවත් ලෙස විසඳුම් ලබාදෙමින් ක්‍රියාවට නැංවිය හැකි බවයි මම සිතන්නේ.”

මොරොක්කෝවේ, මරකේෂ් හී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...