” Image Expo 2023” නැරඹීමට ජනපති එක්වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලොව ප්‍රමුඛතම ඡායාරූපකරණය සහ වීඩියෝකරණ සන්නාමයක් වන CameraLK ආයතනය වෙතින් පවත්වනු ලබන, අති නවීන තාක්‍ෂණයේ ප්‍රදර්ශනයක් වන ” Image Expo 2023” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වේ.

“Image Expo 2023” හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාම හා සමාගම්වල නවතම තාක්ෂණය එකම වහලක් යටදි අත්දැකීමට හැකි, වෘත්තිමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡායාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ටත් මහඟු අවස්ථාවක් හිමිවේ.

අද (14) පස්වරුවේ “Image Expo 2023” ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් විය.

එහිදී ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් වන දිමිත්‍රි කෲස් සහ තිළිණ කළුතොටගේ යන අය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබූ අතර, සම්මානලාභී වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත වනජීවි ඡායාරූප එකතුවක් ප්‍රදානය කළ බවද සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ Image Expo 2023 ප්‍රදර්ශනය ඊයේ(14) ආරම්භ කෙරුණු අතර එය හෙටින් (15) අවසන් වීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...