රනිල් කරපු ටික තමයි මේ ආණ්ඩුවත් දැන් කරන්නේ.දැන් ජනතාවට තීරණයක් ගන්න පුළුවන් – වජිර

Date:

කොළඹ LNW:වර්තමාන රජය ක්‍රියාත්මක කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙනගිය වැඩපිළිවෙල බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

එහෙයින් ඒ ගැන ජනතාව දැන් සිතා බැලිය යුතු වන බවත් කෙසේවෙතත් කෙටිකාලයක් තුළ ජනතාවට තීරණයක් ගැනීමට නොහැකිවන පරිදි කඩිනම් මැතිවරණයක් කැඳවා ඇති බවයි අබේවර්ධන මහතා පවසන්නේ.

”වර්තමානයේ පත්ව සිටින ජනාධිපතිවරයා තිබුණු රජයේ ප්‍රතිපත්ති මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එයට විරුද්ධව ඒකාලේ උසාවි ගියා. ඒ වගේම අයවැය කාර්යාල පනත ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දුෂණ විරෝධී පනත සකස් කරලා තිබෙනවා. ණය නැවත ගෙවන ක්‍රමවේදයට ඉදිරිපත් කරලා තියෙන බිල්පත පිළිගනිමින් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මහජනතාව මේ වෙලාවේ බලන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව ගෙනාපු වැඩසටහනම තමයි ක්‍රියාත්මක කරන්නේ. මම හිතන්නේ මහජනතාවට කෙටි කාලයක් තුළ තීරණයක් ගැනීමට නොහැකිවන පරිදි තමයි කඩිනම් මැතිවරණයක් ඉදිරිපත් වෙලා තිබෙන්නේ. දැන් පැරණි රජයේ ආර්ථික රටාව නම් දැන් ගෙනියන්නේ මම හිතනවා මහජනතාව සලකා බැලිය යුතුව තිබෙනවා. එහෙම නැතුව අලුත් ප්‍රතිපත්ති නම් මොනවද ඒ ආර්ථක පරිවර්තන පනත?මොනවද ඒ ක්‍රමවේදය? කෙසේද එසේ ක්‍රියාකරන්නේ? එහෙම නැත්නම් ඊළඟට වොෂින්ටනයට ගිහිල්ලා ප්‍රකාශ කරන්නේ කුමක්ද? පෞද්ගලිකරණය පිළිගන්නවද? නැද්ද? යන කරුණු ජාතිය හමුවේ ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.” යනුවෙන් හිටපු එජාප මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...