ඉදිරියේදී වාහන ගෙන්වයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ (LNW):

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා , ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ඒ අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කැබිනට් ප්‍රකාශකවරයා එහිදී පවසා සිටියේ කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආණ්ඩුව විසින් ආනයනය කිරීමට කටයුතු කර නොමැති බවය.

“වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ සඳහා කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා. නමුත් මේ වෙලාවේ හදිසියේ අපි වාහන ගෙන්වීම කරලා නැහැ. අපි බලයට පත්වුණාට පස්සේ තීරුබදු සහන දෙන වාහන ගෙන්වලා නැහැ. නමුත් වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව… අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදිලා යන්නේ නැති වෙන්න, අපිට ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවෙන ආකාරයටත්, ඒ වගේම වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්තාවක් විවෘත කිරීම සඳහා ඒ අවස්ථාව අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් අපේ බල පාලනය ඇතුළේ අලුතෙන් ගත් තීරණ විදිහට අපි ක්‍රියාත්මක කරලා නැහැ. නමුත් වාහන ගෙන්වීම පිළිබඳව අපි ඒ අවස්ථාව ලබාදෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉන්නවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...