උතුරු කොරියාව දකුණු දේශ සීමා ආසන්නයේ මාර්ග පුපුරවා හැර සෝල් සමඟ සියලු සම්බන්ධතා නවතා දමයි(VIDEO)

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව හා දකුණු කොරියාව බෙදා වෙන් කරන හමුදා මායිම් රේඛාවට උතුරින් පිහිටි ජියොන්ගුයි මාර්ගය හා නැගෙනහිර වෙරළ තීරයේ ඩොංගේ මාර්ගය පියොංයැන්ග් විසින් පුපුරුවා හැර දකුණු කොරියාව සමඟ සියලු සම්බන්ධතා බිඳ දමමින් උතුරු කොරියාව හුදකලා වී ඇති බව දකුණු කොරියානු හමුදා මාර්ග වාර්තා කර තිබේ.

මෙම මාර්ග දෙක දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු අතර උතුරු කොරියාව විසින් එරට අගනුවර වන ප්යොංයැං වෙත ප්‍රචාරක පත්‍රිකා රැගත් ඩ්‍රෝන යානා යවන බවට තම අසල්වැසි දකුණු කොරියාවට චෝදනා කිරීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මේවන විට කොරියානු අර්ධද්වීපයේ ආතතීන් ඉහළ ගොස් තිබේ.

දකුණු කොරියානු ඩ්‍රෝන යානා යළිත් උතුරු කොරියාවට ඉහළින් හමු වුවහොත් දකුණු කොරියාවට ප්‍රහාර දියත් කරන බවට උතුරු කොරියාව අනතුරු අඟවමින් කාලතුවක්කු හා අනෙකුත් හමුදා ඒකක සූදානම් කර ඇති අතර තමන් ඩ්‍රෝන යානා යැවූවාද යන්න තහවුරු කිරීම දකුණු කොරියාව ප්‍රතික්ෂේප කර ඇති නමුත් තම පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වුවහොත් උතුරු කොරියාවට දැඩි දඬුවම් දෙන බවට පෙරලා ප්‍රතිචාර දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව...

අද (02) දවසේ වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 02) දිනයේදී උතුරු සහ...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...