නැඟිඑන ආසියානු කණ්ඩායම් අතර තරගාවලියට නුවනිදුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ඒ පිවිසෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 15, (LNW) කොළඹ :

ඕමානයේ පැවත්වෙන ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය නුවනිඳු ප්‍රනාන්දුට පවරා ඇත.මෙම තරගාවලියට ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව,බංගලාදේශය,ඇෆ්ගනිස්තානය සහ පකිස්තානයද ඒ කණ්ඩායම් යොමු කළත්,ඕමානය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,හොංකොං චයිනා වැනි රටවල්වලින් ඒ රටවල්වල ජාතික කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ වන ඔක්තේම්බර් 18 වන දා ශ්‍රී ලංකාව පළමු තරගයට සහඵාගි වන අතර ඔවුන්ට එරෙහිව තරග කරන්නේ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමයි.ශ්‍රී ලංකාව තරග වඳින කාණ්ඩායට ඇෆ්ගනිස්තාන ඒ,බංගලාදේශ ඒ සහ හොංකො චයිනා කණ්ඩායම් ඇතුළත් වෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නුවනිදුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ලහිරු උදාර,යශෝධ ලංකා,ලසිත් කෘස්පුල්ලේ,සහන් ආරච්චිගේ,පවන් රත්නායක,අහාන් වික්‍රමසිංහ,දිනුර කළුපහන,කවිඳු නදීශාන්, රමේෂ් මෙණ්ඩිස්,දුෂාන් හේමන්ත,නිමේෂ් විමුක්ති,නිපුන් රංසික,ඉසිත විජේසුන්දර සහ එෂාන් මාලිංග ඇතුළත්ව සිටිනවා.

තරගායලියේ කාල සටහනට පහතින් පිවිසට හැකියි.
https://bit.ly/4dHXaIZ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...