ඩයනාට එරෙහි නඩු හතක් විභාගයට. සාක්ෂිකරුවන්ට නොතීසි!

Date:

කොළඹ LNW:හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොණු කර තිබෙන නඩු 7කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙනුයි ඇයට එරෙහිව අදාළ නඩු ගොනු කර ඇත්තේ.

ඒ අනුව අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු වෙත මෙම නොතීසි නිකුත් කර තිබේ.

ඩයනා ගමගේ මහත්මියට අදාළ උක්ත චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සාක්ෂිකරුවන් වෙත නොතීසි යොමුකිරීමට නියෝග කර ඇත.

ඒ අනුව අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු වෙත මෙම නොතීසි නිකුත් කර තිබේ.

අදාළ නඩු ලබන 24 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...