ශ්‍රී ලංකාවට නව වැඩසටහනකින් සහය දෙන්නත් IMF සූදානම් – ආසියා පැසිෆික් නියෝජ්‍ය අංශ ප්‍රධානී

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය අවධාරණය කර තිබේ.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමාන්තරව අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඇය මේ බව සඳහන් කර තිබෙන අතර වත්මන් මූල්‍ය වැඩසටහනෙන් පසුව නැවතත් මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බවයි ඇය පවසා ඇත්තේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය වත්මන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇති බවද ඇය පවසා තිබේ.

නව මූල්‍ය සම්පාදන වැඩසටහනක්, නිරීක්ෂණ රාමුව යටතේ නිශ්චිත ප්‍රතිපත්ති උපදෙස් ලබා දීම හෝ ධාරිතා සංවර්ධනය (Capacity Development) වැනි ඕනෑම ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව ඇය වැඩිදුරටත් කියා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය වැඩසටහන එළඹෙන මාර්තුවේ අවසන් වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...