තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:බස්නාහිර, සබරගමුව පළාත් සහ මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (15) ප.ව 03.00 නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (16) ප.ව 03.00 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...