වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනපති අවධාරණය කරයි!

Date:

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටලුව පිළිබඳ අද (14) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවට එක් වෙමිනි.

පාරම්පරිකව ගොවීන් විසින් වගාකරන ලද එහෙත් යුද්ධය නිසා අතහැර ගොස් තිබී යුද්ධය නිමවීමෙන් පසුව වනජීවි හා වනරක්ෂිත ලෙස මායිම්ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන් වෙත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොවි ජනතාවගේ ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි යල මහ කන්න සාර්ථක කර ගනිමින් 2023 ඇති විය හැකි ආහාර අර්බුදයට සූදානම් වීමේ අවශ්‍යාතාව පැහැදිළි කළේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...