රාජ්‍ය අමාත්‍යංශ 04 ක විෂයපථයන් ගැසට් කෙරේ!

Date:

රාජ්‍ය අමාත්‍යංශ 04 ක විෂයපථයන් ගැසට් කර ඇති බව වාර්තා වේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යංශය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යංශය සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අදාළව මෙලෙස විෂයපථයන් ගැසට්කර ඇත.

ඒ අනුව පහත දැක්වෙන් ඒ ඒ ආයතනවලට අදාළ විෂයපථයන් එකී අමාත්‍යංශ යටතේ ගැසට්කර ඇත. මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබෙන්නේ ඒ ඒ අමාත්‍යංශයට අදාළ කැබිනට් අමාත්‍යංශ විසිනි;

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යංශය:

  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,
  • ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම,
  • ත්‍රීකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම,
  • ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යංශය:

  • තැපැල් දෙපාර්තමේන්තුව,
  • රජයේ  මුද්‍රණ දෙපාර්තමේන්තුව,
  • ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය:

  • පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව,
  • 1990 සුවසැරිය පදනම,
  • දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
  • ආයුර්වේද දෙපාර්තමේන්තුව,
  • ආයුර්වේද වෛද්‍ය සභාව,
  • ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය:

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,
  • මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව,
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු ආයතන 4 ක්

මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය:

  • මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලිත සමාගම් හා සහස්යා ඉන්වෙස්ට්මනට් ලිමිටඩ් ආයතනය

මීට අමතරව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට මග නැගුම අංශය හා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පවරා ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබිලා නෑ – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : රජය ආපදාවෙන් පීඩාවට...

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...