කොත්තුවක මිල රු. 50කින් බස්සයි – පාන් පිටි මාෆියාවත් කරළියට (VIDEO)

Date:

පාන් පිටි මිල අඩුකිරීමත් සමග කොත්තුවක මිල හෙට සිට රුපියල් 50කින් අඩුකිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනුව අඩුකළ පාන් පිටි මිලේ වාසිය පාරිභෝගික ජනතාවටද යා යුතු වන අතර කරුණාකර කොත්තුවක මිල රු.50කින් අඩුකරන ලෙස ආපන ශාලා වෙත දැනුම් දෙන අතර එලෙස මිල අඩුනොකරන්නේ නම් ඒ ගැන පාරිභෝගික කටයුතු අධිකාරියට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කළේ.

පාරිභෝගික කටයුතු අධිකාරියත් එය නිසිලෙස නොකරන්නේ නම් මාධ්‍ය සමඟ නගරයක් නගරයක් පාසා එවැනි ආපනශාලා සොයා පැමිණෙන බව අසේල සම්පත් මහතා කියා සිටියේය.

තිරිඟු පිටි මිල ඉහළ යාම පිටුපස මාෆියාවක් ක්‍රියාත්මක වී තිබෙන අතර ආනයනකරුවන් විසින් එම මිල තීරණය කරන තැනට පත් වූ බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ.

කෙසේවෙතත් මේ වන විට කිලෝවක් රු.230ට තුර්කියේ සිට තිරිඟු පිටි ආනයනය කර ඇති හෙයින් වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ පරිදි තිරිඟු පිටි මිල අඩු කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

එයද රු. 250 සීමාව දක්වා අඩුකිරීමේ හැකියාව පවතින බවද අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් (Galitos) ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට

දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන...

තුන් කොන් විස්සයි විස්සේදී දසුන්ට නායකත්වය – පවන් සංචිතයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: සෞඛ්‍යමය ගැටළු මත චරිත්...

පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුගේ නඩු විභාගයක් ලන්ඩනයේදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 අගෝස්තු මාසයේදී...