කැබිනට් මණ්ඩලය ගත් අරුම පුදුම තීන්දුව විපක්ෂ නායක සජිත් හෙලිකරයි!

Date:

වර්තමාන ආණ්ඩුව කැබිනට්ටුව රැස් කොට රැස්කොට අරුම පුදුම තීන්දුවක් ගන්නා බවත්, ඒ තීන්දුව වන්නේ ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට ප්‍රකාශයට පත් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අතිශයින් ඛේදනීය තත්ත්වයක් බවත් මැදි ආදායම් ලබමින් සිටින රටක් අඩු ආදායම් ලබන රටක් බවට කැබිනට් මණ්ඩලය විසින්ම පත් කර ගැනීම ඉතිහාසගත සරදමක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ වන විට පොහොට්ටුවේ රාජපක්ෂවරු තමන්ගේ ගෝල බාලයින් ලවා අපූරු ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා පත්වන ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂගේ රාජපක්ෂ ගේ බසට අනුගත විය යුතු යැයි එම ගෝලයින් ප්‍රකාශ කරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා(12) මේ බව ප්‍රකාශ කර සිටියේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති සමගි ජන ජනබලවේගයේ බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් ආණ්ඩුව උත්සහ කරන්නේ මැතිවරණ කල් දැමීමට බව පැවසූ විපක්ෂ නායකතුමා ජනාධිපතිවරයා ද ඊට අනුගත බවත් ජනාධිපති වරයාගේ ඒ අනුගතවීමට පොහොට්ටුව එක පයින් කැමති බවත් පැවසීය. නමුත් සමගි ජනබලවේගය ඉල්ලා සිටින්නේ මේ විකෘතිය නැති කිරීම උදෙසා මැතිවරණයක් පවත්වන ලෙස යැයි ද විපක්ෂ නායක තුමා ප්‍රකාශ කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...