කොළඹ LNW: ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කිරීම සඳහා අවශ්‍ය නීතිමය රමුවද සකස් කර තිබෙන අතර ඕනෑම ආයෝජකයෙකුට එහි ව්‍යාපාර ආරම්භ කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරය සඳහන් කරන්නේ.
එම නීතිමය පසුබිම සකස් කරන තුරු ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක ආයෝජන 17ක් පැමිණ තිබුණ බවත් අමුණුගම මහතා පවසයි.
චීනය සහ බංග්ලාදේශය අතර තවත් ආයෝජන අවස්ථා සඳහා සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවද ඔහු කියාසිටියි.
ASK