දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/15

Date:

1. 2022 වසරේ කඩිමුඩියේ ණය පැහැර හැරීම ප්‍රකාශයට පත් කොට මේ වන විට මාස 18 ක් ගත වී ඇති බව විශ්ලේෂකයෝ පවසති: මෙම කාලය තුළ රටට විදේශ විනිමය ලැබී ඇත්නම්, ඒ ඉතා දැඩි කොන්දේසි ද සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 333 පමණක් බව පෙන්වා දෙති: මේ දක්වා ප්‍රතිව්‍යුහගත කර ඇති එකම ණය වන්නේ, 2022 වසරේ දී ‘HairCut’ ආකාරයෙන් සිය අභිමතය පරිදි 20%කින් සූක්ෂ්ම ලෙස පහර කෑමට ලක්වූ අසරණ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ ණය බව අනාවරණය කරති: විදේශ ණයහිමියන් මෙතෙක් “Haircut” ආකාරයෙන් එකඳු සතයක කප්පාදුවකට මුහුණ දී නැති බව ද පෙන්වා දෙති.

2. ජනාධිපති ක්‍රමය අහෝසි කර අගමැතිට විධායක බලතල ඇති පාර්ලිමේන්තු ක්‍රමයකට යලි ගෙන ඒමේ යෝජනාවක් ඉහළ බල තලයේ දැඩි අවධානයට ලක්ව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි – එවැනි යෝජනාවක් ජනාධිපති කාර්යාලයේ සිට නීති කෙටුම්පත් සම්පාදක කාර්යාලයට යවා ඇති බවට අනුමාන කෙරේ.

3. නසීර් අහමඩ් මන්ත්‍රීවරයා සිය මුල් පක්ෂයෙන් පිටවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මඟින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධූරය පුරප්පාඩු වීම හේතුවෙන් මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගේ මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් පවතින බව නීතිමය ආරංචි මාර්ග පවසයි.

4. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු 6ක අයිතිය රජයෙන් ඉවත් කිරීමට සූදානම් වන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පවසයි.

5. විදුලි ගාස්තු වැඩිවීමට සමගාමීව ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

6. කංසා වගාව පිළිබඳ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු පසු අපනයන කර්මාන්තයේ අංගයක් ලෙස කංසා වගාව හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි හෙළි කරයි – කංසා විනෝදාස්වාදය සඳහා නොව වෛද්‍ය සම්පතක් ලෙස භාවිතා කිරීම සැලැස්ම බව වැඩිදුරටත් පැහැදිලි කරයි.

7. ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් වෙතින් “හොට්-මනි (Hot-Money)” ආකාරයේ ආයෝජන පිටවීම පසුගිය සතියේ ඩොලර් මිලියන 16 සිට ඔක්තෝබර් 23 න් අවසන් වන සතියේදී ඩොලර් මිලියන 24 දක්වා සැලකිය යුතු ආකාරයේ 50% කින් ඉහළ ගොස් ඇත.

8. PwC ජාලයේ ශ්‍රී ලංකා ගිණුම්කරණ සමාගම ගෝලීය PwC ජාලයෙන් ඉවත් වීම නිවේදනය කරයි – සමාගම 2023 ඔක්තෝබර් 28 සිට බලපැවැත්වෙන පරිදි Deloitte ජාලයට සම්බන්ධ වන බව පවසයි: කෙසේ වෙතත් PwC ජාලය කලාපය තුළ ක්‍රියාත්මක වනු ඇති බව ද සඳහන්.

9. තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ අතර ජාත්‍යන්තර, අධිවේගී මගී යාත්‍රා සේවය දශක 4 කට ආසන්න කාලයකට පසු 2023 ඔක්තෝබර් 14 සිට නැවත ආරම්භ වෙයි: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙරට අතර යාත්‍රා සේවාව ආරම්භ කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කරන ලදී.

10. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා නායක දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පත් කරයි – ඉකුත් ඉරිදා පකිස්ථානයට එරෙහිව පැවති ශ්‍රී ලංකා දෙවන ලෝක කුසලාන තරඟයේදී ශානකගේ දකුණු කලවා මාංශ පේශි ආබාධයකට ලක්වීමෙන් පසු ආදේශ කිරීම සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...