බගවන්තලාවේ නාය යමක් ! වතු නිවාස 5කටත් හානි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (15) දින බගවන්තලාව, තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට පස් කඳු කඩා වැටී ඇත.

එයින්, වතු නිවාස පහකට හානි සිදුව ඇති බව, නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා කියා සිටියේය.

නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ, එම වතුයායේ අංක එක වතු ලයිම් පේළියේ නිවාස පහක මුළුතැන්ගෙයි පිහිටි පිටුපස ප්‍රදේශයට මතට මෙම පස් කඳු කඩා වැටී ඇති අතර, මේ හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් පහක පුද්ලයන් 30 කු ඉවත් කොට ඇති බවයි.

තෙරේසියා වතුයායේ වතු අධිකාරි ඉමේෂ් බෝගවත්ත මහතා පවසා සිටියේ,
වතු නිවසවල පදිංචි පිරිස වතුයායේ වෙනත් ආරක්ෂිත ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා දමා ඇති බවත්, වතු නිවාසවලට වැටී ඇති පස් කඳු ඉවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...