*
Friday, May 3, 2024
spot_img

Latest Posts

බගවන්තලාවේ නාය යමක් ! වතු නිවාස 5කටත් හානි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (15) දින බගවන්තලාව, තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට පස් කඳු කඩා වැටී ඇත.

එයින්, වතු නිවාස පහකට හානි සිදුව ඇති බව, නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා කියා සිටියේය.

නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ, එම වතුයායේ අංක එක වතු ලයිම් පේළියේ නිවාස පහක මුළුතැන්ගෙයි පිහිටි පිටුපස ප්‍රදේශයට මතට මෙම පස් කඳු කඩා වැටී ඇති අතර, මේ හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් පහක පුද්ලයන් 30 කු ඉවත් කොට ඇති බවයි.

තෙරේසියා වතුයායේ වතු අධිකාරි ඉමේෂ් බෝගවත්ත මහතා පවසා සිටියේ,
වතු නිවසවල පදිංචි පිරිස වතුයායේ වෙනත් ආරක්ෂිත ගොඩනැගිල්ලක තාවකාලිකව නවතා දමා ඇති බවත්, වතු නිවාසවලට වැටී ඇති පස් කඳු ඉවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan