*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අක්‍රමිකතා රැසක් ජාතික විගණන කාර්යාලය හෙළි කරයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): Milco Pvt Ltd and Indian Milk හි දැවැන්තයා වන Amul සමඟ හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමෙන් අනතුරුව දේශීය කිරි නිෂ්පාදනය හසුරුවන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇතැයි වර්තා වේ.

ජාතික විගණන කාර්යාලය සිය නවතම සොයාගැනීම් තුළින් මෙම අක්‍රමිකතා සහ ආයතනික සැලැස්මෙන් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේ අසාර්ථකත්වය හා ආයතනයක් ලෙස ප්‍රගතියේ පසුබෑම හෙළිදරව් කර ඇත.

2017 සිට 2021 දක්වා පාර්ලිමේන්තුවට වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වීම, 2019,2020 සහ 2021 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයාගේ මතය සඳහා ඉදිරිපත් නොකිරීම මෙයට හේතු ලෙස පෙන්වා දේ.

මෙතෙක් ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ, 2022 නොවැම්බර් 05 වැනි දින ඔහු වෙත ඉදිරිපත් කර ඇති 2018 වසරේ මුල්‍ය ප්‍රකාශය පමණි. ගොවිපල 31 ක අභ්‍යන්තර පරිපාලනය සහ මූල්‍ය කටයුතු පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා තොරතුරු කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට NLDB ආයතනය අසමත්ව ඇත..

තවද, ගොවිපලවල සතුන් තක්සේරු කිරීම සම්මත ගිණුම්කරණ ක්‍රියා පටිපාටිවලට අනුව සිදු කර නොමැත. ඔවුන්ගේ මුල්‍ය ප්‍රකාශනවලට පවා ඇතුළත් නොකර නිසි වේලාවට එම ප්‍රකාශ ඉදිරිපත් කිරීම ප්‍රමාද කරමින් ඉදිරිපත් කර ඇති තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටලුවක් මතුව තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ආයතනික සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ ප්‍රසම්පාදන සැලැස්ම අතර අන්තර් සම්බන්ධතාවයේ අඩුවක් තිබූ බවත් එම සැලසුම් ප්‍රායෝගික නොවන බවත්ය.

NLDB ආයතනය විසින්ම යෝජනා කර ඇති විවිධ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට ද NLDB කළමනාකාරීත්වය අසමත් වී ඇත.

ආයතනය තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ නිසි හා කාලෝචිත විශ්ලේෂණයක් සිදු කර නොමැත.

ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයින් 4495කින් කිරි එළදෙනුන් 3991ක් මිය ගොස් ඇති අතර NLDB සතුව ඉතිරිව ඇත්තේ කිරි ගවයින් 504ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරගෙන ඇත.

2018 වසරේ කිරි එළදෙනුන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත් සමාගමකට ඇමෙරිකානු ඩොලර් මිලියන 11.09ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, පසුගිය වසර 4 තුළ මෙතෙක් කිරි ගවයින් ආනයනය කර නොමැති අතර, එම ගවයින් සඳහා ඉහත කී අත්තිකාරම් ගෙවීම පිළිබඳ වාර්තා තම ගිණුම්වල තබා ගැනීමේ ගැටලුවකට NLDB ආයතනය මුහුණ දී තිබේ.

රටේ සමස්ථ කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 500 ඉක්මවුවත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2021 වර්ෂයේදී දායක වී ඇත්තේ ලීටර් මිලියන 10කින් පමණි.

එය රටේ සමස්ත කිරි නිෂ්පාදනයෙන් 2%ක් පමණයි. ආයතනයේ මෙහෙයුම්වලින් පෙන්නුම් කරන්නේ නිකවැරටිය, රිදියම සහ මැණික්පාලම යන ප්‍රදේශවල ගොවිපල අඛණ්ඩව පාඩු ලබන අතර, ආයතනයේ වාර්ෂික ආදායම වාර්ෂිකව රුපියල් බිලියන 3ක් ලෙස වාර්තා වේ.

රට තුළ කිරි නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කාර්යක්‍ෂම ඵලදායිතාවයක් සහතික කිරීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ මිල්කෝ සමාගම ඒකාබද්ධ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan