අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 58ක් පීඩාවට

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

අධික වර්ෂාව ඇතුලු අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයෙකු මරණයට පත්ව පවුල් 58ක සාමාජික සාමාජිකාවන් 242කු මේ වන විට පීඩාවට පත්ව සිටිති.

ධාරානිපාත වැසි, අධික සුළං සහ ගං වතුර තත්ත්වය හේතුවෙන් මෙම පිරිස් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අධික සුළං හා වර්ෂාව හේතුවෙන් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 11ක සාමාජික සාමාජිකාවන් 53 දෙනෙකු පීඩාවට පත්ව සිටියි. යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 32කුද අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයන් 23 දෙනෙකු ද කුණ්ඩසාලේ 39 දෙනෙකු ද අධික වර්ෂාවෙන් ඇති වූ හානි නිසා පීඩාවට පත්ව සිටිති.

මහ වැසි හේතුවෙන් පූර්ණ නිවාස හානි සිදුව නොමැති අතර නිවාස 66කට අර්ධ හානි සිදුවී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගස් ඇද වැටීමෙන් සම්පූර්ණයෙන් අවහිරවී තිබුණු මහනුවර හන්තාන මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට මහනුවර මහ නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ගම්පොල – කඩුගන්නාව මාර්ගය පස් කඳු කඩා වැටීම හේතුවෙන් මවුන්ටෙම්පල් ප්‍රදේශයෙන් අවහිර වී ඇති අතර අවදානම් ගස් හා සන්නිවේදන කණු කිහිපයක් ඉවත් කිරීමට මේ වන විට පියවර ගනිමින් පවතී. පස් කඳු කඩා වැටුණු ස්ථානයේ අවදානම් සහිත පවුල් කිහිපයක් ඉන් ඉවත් කිරීමට අදාල නිලධාරීන් පියවර ගෙන තිබේ.

අවතැන්වූවන්ට කඩිනම් සහන සලසන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...