ජනාධිපතිවරණයේ වියදම් වාර්තා දෙන්න බැරිවුණේ ගංවතුර නිසා – අපිලගෙ සාදුට වුණු අකරතැබ්බය !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් වාර්තා නියමිත වේලාවට මැතිවරණ කොමිසම වෙත භාරදීමට තමන්ට නොහැකි වූයේ ගංවතුර තත්වය නිසා බව පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තරග කළ බත්තරමුල්ලේ සීලරත්න හිමියන් පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයේ ආදායම් වියදම් ප්‍රකාශ ඔබවහන්සේ බාරදුන්නෙ නෑ කියනවා ?

“ඒවා සම්බන්ධව අපි කොමසාරිස්තුමා එක්ක සාකච්ඡා කරලා තියෙන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ බාරදුන්නෙ නැද්ද ?

“නෑ, අපි බාරදුන්නා. පොඩ්ඩක් ප්‍රමාද දෝෂයක් ඇතිවුණා පැයක දෙකක. අපට ගොඩාක් ප්‍රශ්න ඇතිවුණා. ඒ කියන්නෙ ෆයිල් එක දීගන්න ගේන්න විදියක්වත් නැතිවුණා, ගංවතුරෙන් අපි අතරමං වුණා. දහවෙනිදා මං ගෙනත් දෙන්න හිටියෙ, දහවෙනිදා වෙනකොට අඩි හතක් උසට අපෙ සමහර විහාරස්ථාන පවා යටවුණා. ඉතින් කොහොමද මහත්තයෝ ගේන්නෙ ? අනේ මම ගරු කොමසාරිස්තුමාලාගෙන් ඉල්ලා සිටිනවා අපට සහනයක් ලබාදෙන්න කියලා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ගංවතුර තමයි ප්‍රශ්නෙ නේද ?

“ගංවතුර. එන්න බෑ පුතේ. මගේ අනිත් වාහනේ එංජිම සම්පූර්ණයෙන් ගියා. ඒ වගේ ප්‍රශ්න රාශියකට මැදිහත් වෙලා ඉන්නෙ. සියලුම ජනතාවට මම කියනවා ජනසෙත පෙරමුණ මැතිවරණ නීතියට ගරු කරනවා. මගේ හිස නමා ගරු කරනවා මැතිවරණ කොමිසමටත් නීතියටත් මම නීතිගරුක කෙනෙක් නිසා. මට පැයක දෙකක ප්‍රමාදයක් තමයි සිදුවුණේ”

ප්‍රශ්නය – කීයක් විතර වියදම් වුණාද සාමාන්‍යයෙන් ? අපට කියන්න පුළුවන්ද ?

“අනේ ඇත්ත වශයෙන් මට ඉතින් එච්චර වියදම් කරන්න මහා පරිමාණයෙන් මුදල් නෑ. සාමාන්‍ය ගාණක් ගියා. සාමාන්‍ය විදියට, රුපියල් ලක්ෂ 17 – 20ක් වගේ. ඒවත් මගේ අටපිරිකර, සෙසු පිරිකර ආදී අපට ලැබෙන දේවල්වලින් තමයි ඒ මුදල් ටික කවර් කරගත්තෙ. ඒ කියන්නෙ මගෙ පිංකමක් තිබුණා, ඒකට ලැබිලා තිබුණා අටපිරිකර හාරසිය ගාණක්. මම එක අටපිරිකරක් තුන්දාස් පන්සීය ගාණෙ වගේ කඩේකට දුන්නා. (බොරු කියන්න ඕනෙ නෑනෙ ජනතාවට) ඉතින් ඒ මිනිස්සු මට මුදල් දුන්නා, ඒ මුදල්වලින් තමයි මම මේක කරගෙන ගියෙ”

බත්තරමුල්ලේ සීලරත්න හිමි මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...