මිනීමැරුමක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ළමා නිවාසයක මුරකරු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ සිටි 16 හැවිරිදි සහ 17 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි අයෙකි.

ඊයේ (15) අලුයම ළමා නිවාසය ආසන්නයේ පිහිටි නිවසක තිබූ ත්‍රිරෝද රථයක් සොරකම් කර තිබුණු අතර එය සොරාගත් පුද්ගලයා ළමා නිවාසය තුළට දිවයනු දුටු බවට ත්‍රීරෝද රථයේ හිමිකරු පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව අලුයම 04.30 ට පමණ පොලීසිය මේ පිළිබඳව ළමා නිවාසයේ පාලිකාවගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී මුරකරු කොහිදැයි සෝදිසි කිරීමේදී ළමා නිවාසයේ ළිඳ අසල වැටී තිබුණු මුරකරුගේ මළසිරුර හමුවී ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙනත් ළමුන්ගෙන් වෙන්කර කාමරයක රඳවා සිටි 17 හැවිරිදි ප්‍රධාන සැකකරු එම කාමරයේ ජනෙල් රාමුව ගලවාගෙන පිටතට පැමිණ මුරකරු ඝාතනය කර ඇති බවයි. ඒ සඳහා ඔහු තවත් ළමයෙකුගේ ද සහාය ලබාගෙන ඇති අතර ඔවුන්ගේ අරමුණ වී තිබී ඇත්තේ සොරකම් කරන ලද ත්‍රීරෝද රථයෙන් මළසිරුර රැගෙන ගොස් බෙල්ලන්විල වැවට දැමීමට ය. එහෙත් ත්‍රීරෝද රථයේ හිමිකරු පැමිණීම නිසා එය ව්‍යර්ථ වී ඇති අතර ළමුන් දෙදෙනා මුරකරුගේ මළසිරුර ළිඳ අසල දමා නැවතත් සිය කාමරවලට ගොස් නිදාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...