*
Thursday, October 17, 2024
spot_img

Latest Posts

මේ දවස්වල හැමෝම කතාවෙන ඉමියුනෝග්ලොබියුලින් කියන්නේ මොනවාද ?

IV ඉමියුනෝග්ලොබියුලින් හෙවත් Intravenous immunoglobulin (IVIG) යනු රුධිර පරිත්‍යාගශීලීන් දහස් ගණනකගෙන් එකතු කරන ලද ප්ලාස්මාව භාවිත කර සකස් කරන ලද ජීව විද්‍යාත්මක චිකිත්සක නිෂ්පාදනයකි.

මිනිස් රුධිරයේ ද්‍රාව්‍යමය කොටස වන ප්ලාස්මාවේ immunoglobulins ඇතුළු ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන රාශියක් අඩංගු වේ. එයින් Immunoglobulins යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත් කොටසක් වන අතර ශරීරයට ආසාදන වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ඖෂධයක් ලෙස භාවිත කරන Intravenous immunoglobulin (IVIG) යනු ප්‍රතිදේහ සංචිතයක ද්‍රාවණයක් වන අතර විවිධ ප්‍රතිශක්ති ඌනතා තත්වයන් සහ අසාමාන්‍ය ප්‍රතිශක්තිකරණ තත්වයන් ඇතුළු රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ජීව විද්‍යාත්මක ඖෂධයකි. මෙම ප්‍රතිකාරයේ අවසාන ඉලක්කය වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සාමාන්‍යකරණය කිරීමයි.

සායනික භාවිතය සඳහා IVIG නිෂ්පාදනය කිරීමට දිගු කාලයක් එනම් මාස ගණනාවක් ගතවේ. IVIG නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වන්නේ නිරෝගී රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ප්ලාස්මාව එකතු කිරීමෙනි. ප්ලාස්මාවල ඉහළම ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා තෝරා ගත් පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගන්නා ප්ලාස්මාව පමණක් භාවිත කරයි. රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම ප්ලාස්මා දායකයන්ගෙන් ද මේ සඳහා ප්ලාස්මාව ලබා ගනී. ශ්‍රී ලංකාවේ එවැනි ප්ලාස්මා දායකයන් නැත. ඉතා වැදගත් කාරණයක් වනුයේ immunoglobulins යනු ප්ලාස්මා වල කුඩා කොටසක් වන බැවින්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් IVIG නිපදවීමට එවැනි පරිත්‍යාග දහස් ගණනක් අවශ්‍ය වීමයි.

රුධිර ප්ලාස්මා එකතු කිරීමෙන් පසු, සංඝටක වෙන් කිරීමේ ක්‍රියාවලීන් මාලාවක් සිදු කරන අතර, එම කාලය තුළ ප්ලාස්මා ප්‍රෝටීනයක් වන immunoglobulins මෙන්ම රුධිරය කැටි ගැසීමේ සාධක සහ ඇල්බියුමින් වැනි අනෙකුත් ප්ලාස්මා සංඝටක ප්ලාස්මාවෙන් වෙන් කරනු ලැබේ. මේ සඳහා Cohn’s fractionation තාක්‍ෂණය අනුගමනය කරනු ලැබේ.

සංඝටක වෙන් කිරීමේ කිරීමේ ක්‍රම මගින් immunoglobulins වෙන් කළ පසු, සාන්ද්‍රිත ද්‍රාවණයක් නිපදවීමට දැඩි ලෙස පිරිසිදු කිරීම සිදුවේ. මෙහිදී ද්‍රාවණයෙන් අක්‍රිය ප්‍රෝටීන සහ අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙමඟින් 95% – 97% වැනි ඉතා පිරිසිදු IVIG ලබා දෙයි.

ඉන්පසු වැදගත් වන්නේ හානිකර ව්‍යාධිජනක ක්ෂද්‍ර ජීවින් ඉවත් කිරීමේ පියවරයි. IVIG පරිත්‍යාගශීලීන් දහස් ගණනකගේ ප්ලාස්මා සංචිතවලින් සමන්විත වන බැවින්, HIV හෝ Hepatitis B සහ C වැනි වයිරසයක් අඩංගු වීමට ඉඩ ඇත. IVIG නිපදවීමේදී රුධිර පරිත්‍යාගශීලීන් තෝරාගැනීමේදී පරිත්‍යාගශීලීන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමත් සහ වයිරස් හෝ බැක්ටීරියා සඳහා පරිත්‍යාග කරන ලද සාම්පල පරීක්ෂා කිරීමත් සිදු කළද, නියැදියක ඉහළ මට්ටමේ සංශුද්ධතාවක් ලබා ගැනීම සඳහා වන්ධ්‍යාකරණයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ක්‍රම කිහිපයක් භාවිත වේ. ද්‍රාව්‍ය/ඩිටර්ජන්ට් (S/D) ප්‍රතිකාර ක්‍රමය, පැස්ටරීකරණය, UVC විකිරණ භාවිතය, අඩු pH ප්‍රතිකාර ක්‍රමය, සහ නැනෝ ෆිල්ටරේෂන් (nano filtration) තාක්ෂණය මේ සඳහා උදාහරණ වේ.

IVIG නිස්සාරණය කළ පසු, එහි කාර්යක්ෂමතාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ස්ථායීකරණ ක්‍රියාවලියකට භාජනය වේ. නිෂ්පාදකයින් විසින් pH අගය සකස් කිරීම සහ සීනි හෝ ඇමයිනෝ අම්ල වැනි ස්ථායීකරණකාරක එකතු කිරීම මගින් IVIG ද්‍රාවණය සකස් කර ස්ථාවර කරයි. මෙම පියවර මගින් සෑම IVIG නිෂ්පාදනයක්ම සකස් කිරීම සහ සංයුතිය අනුව වෙනස් වේ.

IVIG නිෂ්පාදන නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම දැඩි පරීක්ෂණ සහ තත්ත්ව පාලන ක්‍රියා පටිපාටිවලට භාජනය වේ. නිෂ්පාදනය අවසානයේ ද ආරක්ෂාව සහතික කිරීම සඳහා තත්ත්ව පාලන පරීක්ෂණ පවත්වයි. අවසාන පරීක්ෂණයෙන් පසුව, IVIG ලේබල් කර, ඇසුරුම් කර, රෝගීන්ට ලබා දීම සඳහා සඳහා රෝහල් වෙත ලබා දෙයි.

මෙම න්‍යායාත්මක කරුණු සරල ලෙස පෙනුණද කර්මාන්තයක් ලෙස මෙම ඖෂධ නිපදවීම ඉතා සංකීර්ණය. එවැනි නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වේ. එම නිසා දියුණු රටවල් ද ඇතුළුව ලෝකයේ මෙවැනි නිෂ්පාදනාගාර ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණි. කුලී ගෙවීමේ පදනම මත එම සේවාව ලබා ගැනීම ලාභදායී වන අතර බොහෝ රටවල් අනුගමනය කරන්නේ එම ක්‍රමවේදයයි.

~ වෛද්‍ය සමන්ත සෙනවිරත්න

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan