වැසි තත්වය යළි වෙනස් වෙයි – අද (16) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (16) දිනයේදී උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...