මම විශ්‍රාම යන්නේ නෑ.දැන් ඉන්නේ තාවකාලික තීරණයක!

Date:

කොළඹ LNW:තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන නොමැති අතර මෙය තාවකාලික තීරණයක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර මහ මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් අතර පහසුවෙන් 113 ගත හැකි බවයි රාජපක්ෂ මහතා කියාසිටියේ.

ප්‍රශ්නය:මැතිවරණ කටයුතු වෙනුවෙන් කොහොමද සූදානම?

බොහොම සූදානම්.

ප්‍රශ්නය:පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කොහොම වෙයිද?

ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා.

ප්‍රශ්නය:පහුගිය දිනවල ඔබතුම මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියල කතාවක් ගියා ඇත්තද ඒක?

එහෙම තමයි මම හිතාගෙන ඉන්නේ.

ප්‍රශ්නය:ඔබතුමා විශ්‍රාම ගැනීමක්ද? තාවකාලික සමුගැනීමක් ද?

තාවකාලික.

ප්‍රශ්නය:විශ්‍රාම ගත්තේනෑනේ තාම?

දේශපාලඥයින් විශ්‍රාම ගන්නේ නැහැ.

ප්‍රශ්නය:ඔබතුමා ජනාධිපතිතුමාගේ කතාව ඇහුවද?

නෑ මම ඇහුවේ නැහැ.

ප්‍රශ්නය:ප්‍රථම වතාවට මේ කට්ටිට විශ්‍රාම යන්න පටන් අරන් තියෙන්නේ කියල ජනධිපතිතුමා කියනවා. ඒක පිළිගන්නවද?

නෑ ප්‍රථම වතාවට ඉල්ලපු නැති කීදෙනෙක් ඉන්නවද.

ප්‍රශ්නය:රාජපක්ෂවරු ජන්දේ ඉල්ලන්නේ නැති එක ගැන සමාජ කතාවක් ඇතිවෙලා තියෙනවා. මොකද ඒ ගැන කියන්න තියෙන්න?

ඉල්ලනවනේ. ශෂින්ද්‍ර රාජපක්ෂ මොණරාගලින් ඉල්ලනවා.

ප්‍රශ්නය:113 ගන්න පුළුවන් වෙයිද?

අපෝ ලේසියෙන් ඇහැකි. යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...