ඇලෝසියස්ගේ ඇප ඉල්ලීම යළි ප්‍රතික්ෂේප වෙයි!

Date:

කොළඹ LNW: බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත මාස හයක සිර දඬුවමක් නියමව සිටින ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනා ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික්සරුක් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුකරය මේ වන විට අපරාධමය නඩුකරයක් බවට පත්ව ඇති හෙයින් ඔවුන් ඇප මත මුදාහරින ලෙසයි.

කෙසේවෙතත් අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පැවසුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් වන අතර මෙම වගඋත්තරකරුවන්ට නියම කර තිබෙන්නේ විකල්ප දඬුවමක් වන හෙයින් එය අපරාධ නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව මෙන්ඩිස් සමාගම රජයට අයවිය යුතු රු. බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...