සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 16, (LNW) කොළඹ :
මියන්මාර්ය සහ ශ්‍රී ලංකාව සම්බන්ධ පාපන්දු ඉතිහාසයට දැන් අවුරුදු 70 ට වැඩි වෙන්න ඕනි.එහි මුල් කාලෙ,ඒ කියන්නෙ 1950 දශකයෙ මතක ඇවිස්සුවම තිිබෙන්නෙ ලංකාවෙ පාපන්දු ඔවුන්ට ඉස්සරහින් තිබුණු බවයි.අද වෙන කොට කාලය වෙනස් වෙලා.මියන්මාරය හැටියට අද තියෙන ඉස්සර බුරුමය වෙච්චි රටේ පාපන්දු ලෝකෙ 167 වන තැන තියෙන්නෙ.සංඛ්‍යාත්මකය එවැනි ශ්‍රේණියක් කියන්නෙ හොඳ තැනක් නෙමෙයි.ඒත් ලංකාවෙ පාපන්දු මෑතකදි ස්ථාන පහක් ශ්‍රේණිගත කිරීම්වල ඉස්සරහට ඇවිත්,ඒත් තියෙන්නෙ 200 වන තැනයි.
ඉතිහාසයෙ ඉදලා මැන ගෙන ආවම ලංකාව සහ මියන්මාරය පිළිබඳ පාපන්දු අතීතයෙ ලංකාවෙ කීර්තිය ගෙවිලා කොට වෙලා.ලෝක පරිමාණයෙන් මහා විශාල තැනක නැතත් ලංකාවට සාපේක්ෂව ගත්තම මියන්මාරයෙ කීර්තිය වැඩිලා උස් වෙලා.මේ ඇත්ත ඇතුළෙ අපි ඉන්නෙ දැන් ඒ ගෙවුණු තැන්වලට ලාංකේය සම්භවයක් තියෙන ලෝකයෙ ඉහළ පාපන්දු සංස්කෘතියක් තියෙන රටවල පිරිස ගෙනත් වේල පිරිමහගන්න වැඩක.
ලංකාවට දිනන්න සහ ඉන්න තත්ත්වයෙන් ලෝකය එක්ක තරග කර ඉස්සරහට එන්න මේ වැඩේ හොඳ පිළියමක්.මියන්මාරයත් එක්ක පැවති තරග දෙකේදිත් වුණේ එක තරගයක් ලංකාව 2-0 ක් විදිහට පැරදුණාට දෙවන තරගයෙදි රිද්මයට ඇවිත් 0-0 ක් ලෙස මියන්මාරය සමඟ සමානව සිට තරගාවලිය නිම කර ගැනීමයි.හැබැයි මේ වැඩේ ස්ථීරසාර වෙන්නෙ මේ පොළවට ඔවුන් ගැවසෙන පාපන්දු සංස්කෘතිය මුසු කරන්න පුළුවන්නම් විතරයි.එහෙම නැත්නම් අපට හැමදාම ලෝකෙට දැල් දාලා ලාංකේය සම්භවයක් තියෙන පිරිස් සොයමින් ඉන්න වෙනවා.
රටක් හැටියට පාපන්දු ක්‍රීඩාවෙ සංස්කෘතිකමය වශයෙන් දියුණුවක් හදා ගන්න මේ ක්‍රීඩකයින් දක්ෂයන් හැටියට දියුණු බිම් මත හැඳෙන හැටි සහ එහි ඇවතුම් – පැවතුම් හදාරන්න වෙනවා.හුරුවෙන්නත් වෙනවා.පොළවට දිරව ගන්නත් වෙනවා.එහෙම නැතුව රට ඇතුළෙ පාපන්දු උනන්දුව සහ ඊට යොමු වන පිරිස්වල බලාපොරොත්තු හීන වුණාම සිද්ධ වෙන්නෙ අභ්‍යන්තර පාපන්දුවෙ තත්ත්වය තව දුරටත් පහළ වැටෙන්න තියෙන ඉඩ පළල් වීමයි.
ඒ නිසා ලංකාවට ක්‍රීඩා කරන්න එන ඔවුන්ගේ ලාංකික හැඟීම සහ බැදීම වෙන විදිහකට මතු කරගන්න රටේ පාපන්දු පරිපාලකයන්ට සිද්ධ වෙනවා.ඇවිත් ගහලා යනවට වඩා රටක් වෙනුවෙන් තමන්ගෙ වගකීම ක්‍රියාක්මක කරන කොට දැනෙන හැඟිමේ තියෙන්නෙ වෙනම රහක්.දක්ෂතාවයට තියෙන මිල වගේ ඒ හැගීමට මිලක් නැහැ.අමිලයි.ඒ අමිල කොටහ ඒ අයගෙ මනසින් උපද්දා මතු කර ලංකාව ඇතුළෙ තියෙන පාපන්දුව එක්ක මුහු කරන එකට වැඩ පිළිවෙලක් ඕනි.මේ කාරණය තමයි ජාතිකමය වශයෙන් ලංකාවෙ පාපන්දුවට අලුත් සංස්කෘතිය ඇතුළෙ පොහොසත් කිරීමේ අභිප්‍රායෙන් කරන්න තියෙන හොඳම වැඩේ.
වෙනම තරගාවලියක්,සමහර විට ලීග් තරගාවලියක් වෙන්න පුළුවන්.මේකට දෙස් විදෙස් අනුග්‍රාහකයින් හොයා ගන්න එක අමාරු වෙන එකක් නැහැ.ඒ ප්‍රචාරන සහ අලෙවි වැඩ සටහන හදා ගන්න එක පාපන්දු පරිපාලනය භාර ගන්න අවශ්‍යය කරනවා.භෞතිකය ශරීර එක්කම ඒවට අධ්‍යාත්මිකව රට ගැන තියෙන හැඟීම සහ බැදීම ඇතුළථ් කරලා,ඔවුන්ගේ ලාංකේය භෞතිස්මය වෙනස් ආකාරයකට සිඳු කළ යුතුව තිබෙනවා.එහෙම වුණොත් ලංකාවෙම ක්‍රීඩකයන්ට වුණත් ඔවුන් වෙනත් රටවල ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ සමඟ සහ ඔවුන් දන්නා වපසරිය ඇතුළත ජාත්‍යන්තර වශයෙන් යම් යම් මට්ටමින් වෘත්තීය පාපන්දු ක්‍රීඩා කරන්නත් ඉඩ හැදෙයි.
අතිශයින් සරලව ගත්තොත් දැන් මෙරටට කැඳවන ක්‍රීඩකයින් මෙ‘රට පාපන්දු ක්‍රීඩා කරානම් මේ වන විට මෙතරම්ම දක්ෂයෝ නොවනු ඇත.ඇත්ත එබඳුය.එවැනි වටපිටාවක පළමු දේ හැටියට අපේ ඉතිහාසයේ මියන්මාරය සහ අප ගැන ඉතිහාසය ගත්තත්,ඇත්ත හැටියට පෙනෙන්නෙ ලංකාවේ පාපන්දුවේ විශිෂ්ඨත්වය කොතනින් හෝ ලිස්සා ගොස් ඇති බවය.දැන්වත් ඊට එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම පසෙක තබා පාපන්දු ලිස්සා වැටුණු තැනින් උස්සා යළි හොඳ තැනක තැබිය යුතුය.එවැනි අවංක බලාපොරොත්තුවකට ඇඳුණු ලොතාතරැයියක් සේ දැනට ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න විදේශයන්හී සිට පැමිණෙන ක්‍රීඩකයින්ගෙන් වාසනාව පාදා ගන්නට හැකිය.එහෙත් තවමත් “එනවා,සෙල්ලම් කරනවා,යනවා“ කියන කාරණයට එහා ගොස් එය රටේ සුළු මොහොතකට අදාළ ජයග්‍රහණයකට සීමා නොවී,පොළවේ ජයග්‍රහණය රැඳෙන සංස්කෘතියක් පෝෂණය කරන්නට යොදා ගන්නේ කෙසේද යන්න සිතිය යුතුය.