රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW :
“ආණ්ඩුව සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගත්තොත් පොලිස් නිලධාරින් මාරු කරනවා” නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වසරක් තිස්සේ සොයමින් සිටි සෙව්වන්දි දැන් සොයාගෙන ඇති බවත්, ඇය සමග තවත් ඩමියක්ද හමු වී ඇති බවත් ඒ මහතා පවසයි.
පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් විට, ඔහු ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස සමාජ මතයක් හැදෙන විට, එම අත්අඩංගුවට ගැනීම මෙහෙයවූ පොලිසියේ ප්‍රධානියා මාරු වන බවත් ඒ මහතා අවධාරණය කළේය.ඒ හා සමානව, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා විට, ඊට අදාළ බුද්ධි වාර්තා ලබා දුන් නිලධාරීන්ද මාරු වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැළැක්වීමට මහන්සි වී වැඩ කරන සමහර නිලධාරීන්ට හිතුමතේ හිටි හැටියේ ස්ථාන මාරුවීම් දෙන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය.
නාමල් රාජපක්ෂ මහතා දැඩි ලෙස අනතුරු ඇඟවූයේ, නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත්තා වැනි ආකාරයට, නීත්‍යානුකූල මාර්ගයෙන් පිටත පොලීසිය භාවිතා කිරීමට සූදානම් නොවන ලෙසය.
එවැනි ක්‍රියාවලින් හානියට පත් වන්නේ ජේ.වී.පී. ආණ්ඩුව නොව, අවසානයේ පොලීසියම බව ඒ මහතා පෙන්වා දුන්නේය.
