කොළඹ LNW:පාස්කු ප්රහාරයේ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.
ඒ, මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහාය.
මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ නඩුව කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන අතර අද (16) දිනයේදීද එම නඩුව කැඳවා තිබේ.


