රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW :
අමෙරිකා එක්සත් ජනපදය විසින් කොළඹ වරායේ ඩිජිටල් පරිවර්තනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17 ක මූල්ය ආධාරයක් ප්රකාශයට පත් කර ඇත.
මෙම නවීකරණ ව්යාපෘතිය හරහා වරායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, යාත්රා රැඳී සිටින කාලය හා ප්රමාදයන් අවම කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙහිදී හඳුන්වා දෙනු ලබන නව ඇමරිකානු තාක්ෂණය මඟින් භාණ්ඩ ප්රවාහන කටයුතු විධිමත් කර, ව්යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට සිදුවන වියදම් අඩු කර ගැනීමට සහය වේ.
දකුණු ආසියාවේ ප්රධාන සමුද්රීය මධ්යස්ථානයක් වන කොළඹ වරාය වඩාත් වේගවත් කිරීමෙන් ශ්රී ලංකාවේ ගෝලීය වෙළඳ සම්බන්ධතා සහ ආර්ථික වර්ධනය ශක්තිමත් වන බව අමෙරිකානු තානාපතිවරයා පෙන්වා දී ඇත.
මෙම අරමුදල් මඟින් සැපයුම් දාමයන්හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින් ජාත්යන්තර වෙළඳ ජාලයන් තුළ ශ්රී ලංකාවේ ස්ථානය තවදුරටත් තහවුරු කිරීමට මඟ සැලසේ.


