ශිරන්ති රාජපක්ෂට ඇප !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කර තිබේ.

ඒ අනුව, ඇයව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කර ඇත්තේ.

එමෙන්ම සිරිලිය සවිය ගිණුම සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 11 වනදා අධිකරණයට ඉදිරිපත් කරනත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් සිරිලිය සවිය සංවිධානයට ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පසුගිය 07 වනදා අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ශිරන්ති රාජපක්ෂ පදිංචි නිවසට ගොස් ඇයව අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...

කාවන්තිස්ස මහ ඇතු සුවපත් කරන්න හැම සතයක්ම මම ගෙවනවා – ඩඩ්ලි පෙරට එයි !

ගිලන්ව සිටින කාවන්තිස්ස මහ ඇතා සුවපත් කිරීම සඳහා අවශ්‍ය...