*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

හත්වන ආසියානු කුසලානය ඉන්දියාවට භාර දෙයි

ආසියානු 20/20 කාන්තා ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට රැඟෙන ඒමට තිබූ හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිලිහී ගියේ ඉන්දියාවට කඩුලු අටක පහසු ජයක් අත් කර දෙමින්ය.තරගාවලියේ අවසාන තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 65 ට දැවී ගිය නිසා ඉන්දීය ක්‍රීඩිකාවන් සිය පිත්ත මදක් නිදහසේ හසුරුවන්නට උක්සාහ කළ අතර එසේ නොවන්නට තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සිටියේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට දැඩී පිඩනයක් එල්ල කරන මට්ටමේ යහපත් තැනකය.

අප දිගින් දිගටම පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට වඩා දුර්වල ස්ථාවරයක පිතිකාරිණියන් සිටින බවය.එයට හේතු ලෙස පැහැදිළි කළ කාරණා අතර කණ්ඩායමේ තිබෙන පොදුවේ කඩුලු අතර දිවීමේ නොසැළකිල්ල සහ ඒ සඳහා දක්වන අසමත්කම අපි විසින් අවධාරණය කළෙමු.එසේම ශ්‍රී ලාංකිකයන් පමණක් නොව කාන්තා ක්‍රිකට් ලෝකයමත් ජයග්‍රහණය කළ ඉන්දියාවත්,ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් දැන සිටි සහ විශ්වාස කළ සත්‍යයක් විය.ඒ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා අනුකම්පා විරහිත චමරි අතපත්තුගේ පිත්ත කතා කළ යුතු බවය.එබැවින් මේ මොහොතේ චමරිගේ පිත්ත ලකුණු සුලබ නොවන සුළු පසුබැස්මක සිටි බැවින් අප යෝජනා කළේ මුලින්ම ඇය දැවුණු විට කණ්ඩායමේ පහළට එල්ලවන පීඩනය ද සළකා මැද පෙළට පැමිණේ යහපතය.එවිට වගකීම උරට ගෙන තරගය අවසානය දක්වා රැඳී සිටිමින් වඩාත් වගකීම් සහගත ඉණිමක් ගොඩ නැඟීමේ වගකීම චමරිට ඉටු කරන්නට තිබිණි.නමුත් චමරි ආරම්භක පිතිකාරිණියගේ තැනම රැඳෙමින් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙස ලකුණු අතර රැඳෙමින් තරගාවලියේ වැඩිම ලකුණු එකතුව හිමි දෙවැන්නිය වූ හර්ෂිතා සමරවික්‍රමව පහළට කැඳවීය.

පොදු කඩුලු අතර දිවීමේ දුර්වලතාවය පදනම් කරගෙන චමරි අවසාන තරගෙය්දී පළමු කඩුල්ල ලෙස දැවී ගියාය.ඒ ලකුණු 6 ට ය.එවිට ලකුණු තත්ත්වය 8 ක් විය.එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමට “චමරි අහිමි හොඳ ලකුණු පූවරුවක්” යන්න ඉන්දියාවට එරෙහිව විශ්මයක් බවට පත් වූ අතර පීඩනයේ පතුළටම වැටී ලකුණු 50 කරා හෝ යා නොහැකි අඩියකට වැටිණ.අත්දැකීම් බහුල ඕෂධි රණෂිංහ මෙන්ම ඉනෝකා රණළුීරද එම තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගන්නට උර දුන් අතර ඉනෝක් අංක 10 පිතිකාරිණිය ලෙස පැමිණ නොදැවී ලකුණු 18 ක් ලබමින් ඉණිමේ වැඩිම ලකුණුලාභිණිය වූවාය.ඕෂධි ලකුණු 13 ක් ලැබුවාය.ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතර ඉලක්කම් දෙකකින් පැවසෙන ලකුණු ප්‍රමාණ සටහන් වූයේ ඒ දෙදෙනාගෙන් පමණි.
පිළිතුරු ඉණිමට ඉන්දියාව පැමිණියේ සැහැල්ලුවෙන්ය.ලකුණු 65 ට ඔවුන් 71 ක් ම සටහන් කරේ පන්දු ඕවර් 8.3 ක් වැය වෙද්දීය.ස්මිත්‍රි මන්දනා අනුකම්පා විරහිතව සුළු ලකුණු පූවරුව ඉක්මවා යන්නට හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සහිත ලකුණු 51 ක් නොදැවී ලබා ගත්තේය.ඒ අතරවාරයේ කවීශා දිල්හාරී සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැඟින් බිඳ දැමීය.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ ඉන්දියාවේ රේණුකා සිංග් ය.ඇය ලකුණු 5 ට කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉණිම අඩාල කිරීමේ ප්‍රධානම වගකීම ඉටු කරාය.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකාවේ ඉනෝකා රණවීර සමඟ සමව වැඩිම කඩුලුලාභිණිය වූ දිප්ති ෂර්මා ය.ඇය පිත්තෙන්ද එක් අර්ධ ශතකයිකද් සහිතව ලකුණු 96 ක් ලබා සිටියාය.

මේ තරගාවලියෙන් සිය අනාගතය සම්බන්ධයෙන් යහපත්ම ඉඟි සැපයූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් විය.ඒ කවීශා දිල්හාරි සහ හර්ෂිතා සමරවික්‍රමය.කවීශා අවශ්‍යය මොහොතේ කණ්ඩායම වෙනුවෙන් අවශ්‍යය දේ ඉටු කර දෙන්න ඉදිරිපත් වන මතු බලාපොරොත්තු සහිත තුන් ඉරියව් ක්‍රීඩිකාවක සේ වැඩෙනු ඇති බව සහතිකය.ඇයගේ පන්දු රැකීම මෙම තරගාවලියේදී හොඳින් කැපි පෙණින.එසේම හර්ෂිතා අඩපණව තිබූ ශ්‍රී ලංකා පිතිකරණ සවිය ඇතුළත දුටු හොඳම දක්ෂතාවය පෙන්වමින් තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකාරිණියන්ගේ නාමාවලියේ දෙවන තැනට ආවාය.

එසේම කණ්ඩායමෙන් කණ්ඩායමට තරගයට මුහුණ දීමේදී සැළසුම් වෙනස් වුව ද කණ්ඩායමෙන් කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකිය යන විශ්වාසය වෙනස් කර නොගෙන මුහුණ දීම වැදගත්ය.පකිස්තානය සමඟ අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ඊට පෙර තරගය පරාජය වී සිටියදී පවා පකිස්තානයට එරෙහිව අවසාන පන්දු වාරයේ ජයග්‍රහණය සම්බන්ධ විශ්වාසයෙන් පෙන් වූ අපූරු සටන්කාමීත්වය ප්‍රශස්තය.ඒ ශාරිරික කියවීම ඉන්දියාවට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් දැක ගන්නට නොලැබිණි.

නමුත් තරගාවලියේ අනු සූරියන් වීම ද සිඳුවන්නේ වසර 14 ට පසුවය.අවසාන තරගයටහෝ පිවිසෙන්නට නොහැකි තැනකට වැටී සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිට් මෙම තරගාවලියේදි යළි ආසියාවේ දෙවන තැන සටහන් කිරීම ද ජයකි.නමුත් මහද්විපය නොව ලෝකය ද ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇත.මේ ඊට ආරම්භය ලබාගත යුතු මොහොතය.එහිදී විශේෂයෙන්ම 20/20 තරගවලදී,චමරි අත්පත්තුට ආරම්භක පිතිකාරිණියගේ ස්ථානය හර්ෂිතා සමරවික්‍රම සමඟ හසිනි පෙරේරාට,අනුෂ්කා සංජීවනීට,කෞෂණි සෙනවිරත්නට හෝ ආබාධයකට ලක්ව සිටින යොවුන් පිතිකාරිණී විශ්මි ගුණරත්නට පවරා මදක් පිතිකරණ නාමාවලියේ පහළට බැස උථ්සාහයක් කළ හැකිනම් චමරිට නායිකාවක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සඳහා ලබා දිය හැකි වටිනාකම අනාගතයේ ස්වර්ණමය මතක සටහන් බවට පත් වෙනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan